කොරෝනා අවදානමට මුහුණ දෙමින් මැතිවරණයක් පැවැත්වීමට අදාළ පෙරහුරු මැතිවරණයක් හෙට (7 ) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා පැවැත්වීමට නියමිතයි.
සෞඛ්‍ය නිර්දේශ සහ මැතිවරණ නීතිය යන කරුණු දෙකම ආරක්ෂා කරමින් සහ ඡන්ද දායකයන්ගේ සෞඛ්‍යාරක්ෂිත බවද සහතික කරමින් මැතිවරණයක් පැවැත්වීමට අදාල වටපිටාව පිළිබඳ අධ්‍යයනයක් සිදුකිරීම සඳහා මෙම පෙරහුරුව පැවැත්වෙන බව සඳහන්.
ඒ සඳහා තෝරගෙන ඇත්තේ අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථනයේ ඡන්ද මධ්‍යස්ථානයයි.
අම්බලන්ගොඩ ප්‍රදේශය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ගම් පළාත වීම ද විශේෂත්වයක්.
ඡන්ද දායකයින් 200ක් පමණ මේ සදහා යොදා ගැනීමට නියමිත අතර සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යැමේදි මතුවිය හැකි ගැටලු හදුනා ගැනීම මේ වැඩපිලිවෙලේ ප්‍රධාන අරමුණයි.
සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යමින් ,මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිතා කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදි සෞඛ්‍යා රක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ මැතිවරණ පෙරහුරුව පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
මැතිවරණ තොරතුරු සොයන – මී මැස්සා
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි