රජරට වගේම ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල අහිංසක මිනිස්සු බොහෝවිට බිව්වේ කඨින ජලය.
අදටත් ඒ ප්‍රදේශවලට ගියොත් ඔබට බොන්න නාන්න වෙන්නේ ඒ වතුරම තමයි. අඩුගානේ ටැප් වලින් දෙන ජලයත් පිරිපහදු වෙලා නෑ. හඳුනා නොගත් වකුගඩු ආසාධනයට හරිම හේතුකාරකයක් නොදන්නා නිසාතමයි ඒකට CKDU (Chronic kidney disease of unknown) කියලා කියන්නේ.
අපේ ශරීර හැදිලා තියෙන්නේ සෛල වලින්.
ඒවාටත් අපේ ජීවිත වගේම ආයුකාලයක් තියෙනවා.
එක එක දේට විශේෂනය වූ සෛල ගොන්නකින් තමයි අවයව හැදෙන්නේ.
ඉතින් වකුගඩු තියෙන්නේ ශරීරයේ පරිවෘතියේදී නිශ්පාදනය වන මෙන්ම අප ආහාර, ජලය මගින් ලබාගන්නා අනවශ්‍ය ලවන කොටස් ඉවත්කර රුධිරය පිරිසිදු කිරීමයි.
ඉතින් අපි බොන ජලය අධික කඨින ස්වරූපයක් ගන්නවානම් හෝ අපි අධික ලවණ සහිත ආහාර ගන්නවානම් සහ අඩුවෙන් වතුර බොනවානම් සහ අධිකව මහන්සිවෙනවානම් වෙන්නේ රුධිරගත ලවණ සාන්ද්‍රණය වැඩිවී වකුගඩුවලට එන පීඩනය හෙවත් ලෝඩ් එක වැඩියි.
දවසක් එලියේ වැඩකරන්න වතුර බොන්නේ නැතුව.ගිහින් හුජ්ජ කරලා බලන්න, තද කහපාටට අධික සැර ගඳක් එක්ක තමයි මුත්‍රා පිටවෙන්නේ.
මේක ඔබ අපි ප්‍රායෝගිකව අත්දකින දේවල්. නිකං හිතලා බලන්න එහෙම හේනේ, ගොවිපොලේ මහන්සිවෙන මිනිස්සුන්ගෙ ජීවිත හැමදාම ඔයවගේ.
බර ඇදල ඇදලාම වකුගඩු සෛල දුර්වලවෙලා අනිත් අවයව වලට කලින් වකුගඩු සෛල මැරෙනවා.
ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි.
ඒ නිසා මිනිස්සුන්ට පිරිසිදු වතුර ටිකක් ලැබෙන්න පහසුකමක් සලසනවානම් ඒක පව් නෙමෙයි. මිනිස්සු දන්නවා වතුර තමයි ප්‍රශ්නේ කියලා.
ඒකයි ඒ අහිංසක මිනිස්සු ජනාධිපති ආවම RO මැශින් එකක් දෙන්න කියන්නේ.
ඒක සමච්චලේට අරගෙන වකුගඩුවකුත් ඇදලා දෙන්න කියනවනම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ.
අවුරුදු 11ක් වෛද්‍යවරුන් නියෝජනය කරන යූනියන් එකක මේවගේ ගං කබරයෙක් ඉන්නවා කියන්නේ රටට වගේම ගෞරවනීය රැකියාවක අභිමානයට සොරිම තමයි.
මං මගේ ආචාර්‍ය උපාධිය ආහාර විද්‍යාව සම්බන්දයෙන් කලේ ජපානයේ ඔකිනාවා කියන ලස්සන දූපතේ.
එහේ තමයි ලෝකේ වැඩිම ආයුකාලය වලඳන මිනිස්සු ඉන්නේ. එහේ භු ජලය ලංකාවේ යාපනේ වගේ අදික ලවණ සහිතයි. කෘශිකර්මය අගේට කෙරෙනවා රසායණික ක්‍රමයට.
ඉතා සුලු ප්‍රමාණයක් කාබණික රසායණික දෙකම සම්මිශ්‍රණය කර සිදුවෙනවා.
ඒ මිනිස්සු බොන්නේ පිරිපහදු කරපු වතුර. මූදේ වතුර පිරිපහදු කරලා නැවත අවශ්‍ය ලවණ එකතුකරලා තමයි පානීය ජලය දෙන්නේ.
ඔවුන් සෑමවිටම වතුර බෝතලයක් ලඟ තියාගෙන තමයි ඉන්නේ එහෙම නැත්නම් මීටර් 100න් 100ට කූල් වතුර බෝතල් ගන්න වෙන්ඩින් මැශින් තියෙනවා.
60 පැන්නත් දවසේ පැයක් දෙකක් ව්‍යායාම කරනවා.
රෑ 12 ටත් මිනිස්සු පාරේ දුවනවා.
කුහකමක් ගෑවිලා වත් නෑ ඕන වෙලාවක උදව්කරනවා.
මම දොස්තර මම ඉංජා, මම ප්‍රොෆෙසර් කියලා ඔලුව ඉදිමිලා නෑ.
කොටින්ම ඒ මිනිස්සුන්ට ස්ට්‍රෙස් නෑ.
ඒකට අපේ එවුන්.
මැරුවත් ලියනවා රිදෙන්නම. මේක හදන්න නම් ආචාරශීලී භාශාවෙන් පරයන් මෙල්ලකරන්න බෑ. රට ගැන, මිනිස්සු ගැන අසීමිත් දයාවෙන් ලෝකේ ඉන්න ජරාම මිනිස්සු එක්ක ගේම ඉල්ලන්න මම බය නෑ.
© මහාචාර්ය නිලන්ත ලියනගේ
රුහුණු විශ්වවිද්‍යාලය
ඔබ වැනි සැබෑ උගතුන්ගේ මතය
සමාජගත කල යුතු කාලයයි මේ..
ජය…