2022 දෙසැම්බර් මාසයේ බලපෑ මැන්ඩෝස් සුළි කුණාටුව නිසා ඇති වූ සීත කාළගුණික තත්ත්වයෙන් උතුරු නැගෙනහිර මිය ගිය සතුන් සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 30ක මුදලක් වෙන් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.
අධික සීතල නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසක ගවයෝ, හා එළුවෝ විශාල සංඛ්‍යාවක් මරණයට පත් වූහ.
මෙම සතුන් වෙනුවෙන් අදාල ගොවීන්ට වන්දි මුදලක් ලබා දිය යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඒ අනුව මරණයට පත් වූ සතුන් සඳහා වන්දි මුදලක් වශයෙන් රුපියල් මිලියන 30.44ක මුදලක් වන්දි වශයෙන් ලබා දීමට පියවර ගෙන ඇත. ඊට අදාල චෙක්පත් කාෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පශු සම්පත් අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය එල්. ඩබ්. එන්. සමරනායක මහතාහට බාර දුන්නේය. මිය ගිය සතුන්ට වන්දි මුදල් ලබා දීම උතුර හා නැගෙනහිර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් මගින් සිදු කිරිමට නියමිතය.
මේ යටතේ වන්දි මුදල් ලබා දීම සඳහා උතුරු පළාතට රුපියල් මිලියන 18.53ක් හා නැගෙහිර පළාතට රුපියල් මිලියන 11.9ක් වශයෙන් වෙන් කර තිබේ.
ගවයෙක් සඳහා රුපියල් 20,000ක්, ගව පැටවෙක් සඳහා රු. 10,000ක්, එළුවෙක් සඳහා රු. 5000ක් හා එළු පැටවෙක් සදහා රු. 3000ක් වශයෙන් වන්දි මුදල් ලබා දීමට නියමිතය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට