රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ශ නියෝජිතයින්ගෙන් සමන්විත අමාත්‍ය මණඩලයක් පිහිටුවා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා.
එසේම කරුණු 8 කින් සමන්විත යෝජනාවක්ද ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිසම සදහන් කරන්නේ නිශ්චිත කාල රාමුවක් තුළ මෙම යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ දැනට අහිතකර ලෙස විද්‍යාමාන වන විධිවිධාන ඉවත් කර සුදුසු එකගතා ඇතිකර ගෙන සම්මත කරගැනීම සහ විදේශ විනිමය ලබාගැනීමේ ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද මැතිවරණ කොමිසම පෙන්වා දෙනවා.
එසේම මහජන නියෝජිතයන්ට ලබා දෙන අධි වරප්‍රසාද සීමාකිරීම මෙන්ම මැතිවරණයට යාමට පෙර අන්තර්වාර කාල සීමාව තුළ මැතිවරණයේ නීති වල සංශෝධනයක් සිදු කළ යුතු බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සදහන් කරනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි