Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මාස ගණන් පරණ කොරෝනා මරණ ගඳ ගස්සන ලංකාවේ අපුරු දත්ත වාර්තාකරණය – මොහාන් සමරනායකගේ මාධ්‍ය නිවේදනය

කොරෝනා යනු වසංගතයකි එය ඉතාම තීරණාත්මක ය.

වසංගතය සම්බන්ධයෙන් ලබාගන්නා දත්ත විශ්ලේෂණය මත පදනම් ව එහි පැතිර යාම සහ ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම ලොව පිළිගත් විශේෂඥ ක්‍රියාවලිය තුළ අනිවාර්ය අංගයකි.

මේ බව සෞඛ්‍ය අංශයේ විද්වතුන් විසින් ද අවස්ථා ගණනාවකදී රජයට අවධාරණය කර තිබේ.

නමුත් ශ්‍රී ලංකාවේ අදාළ වගකිව යුත්තන්ගෙන් සමන්විත ආණ්ඩුවව මේ වන විටත් සිදු කරන්නේ ජනමාධ්‍ය ලවා රටම මුලා කරමින් අකුරු ඉලක්කම් සෙල්ලමකට අවතීර්ණ වී සිටීම පමණක් ද යන ප්‍රශ්නාර්ථය මතුව තිබෙනවා.

කොරෝනාවේ බලපෑම ශ්‍රී ලංකාව නතු වූ 2020 ජනවාරි මාසයේ සිට මේ දක්වා වසර එකහමාරකට වැඩි කාලයක් ගතවී අවසන්.

නමුත් මේ දක්වා එම වසංගතයට අදාළ දත්ත යාවත්කාලීන කරමින් ඒවා වාර්තා කිරීම සඳහා සහ ඒවා විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම සඳහා ආණ්ඩුව විසින් මෙතෙක් යාන්ත්‍රණයක් සකස්කර නොමැති බව පැහැදිළි වනවා.

ලාහෙට ගෙම්බෝ එකතු කරන්නා සේ මාස ගණන් පරණ කොරෝනා මරණ හිතුනු හිතුනු ආකාරයෙන් එකතු කොට වාර්තා කරමින් ජනතාව මුලා කරන ආකාරයක් මේ වන විට පෙනෙන්නට තිබෙන්නේ එනිසායි.

අනෙක බරපතලම තත්ත්වය වන්නේ පි සී ආර් පරීක්ෂණ වල ප්‍රතිඵල වලට සිදුව ඇති ඉරණමයි.

සති ගණන් පි සී ආර් ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයන් මේ වන විට ඕනෑ තරම් වාර්තා වන අතර ඇතැම් අවස්ථාවල ප්‍රතිඵල නිකුත් වන විට රෝගීන් මිය ගිය අවස්ථා ද වාර්තා වනවා.

ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතන විසින් අද වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ___ ,අද වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ___ ආදී වශයෙන් පවසමින් මාස ගණන් පරණ කුණු වී ඕජස් ගලන පරණ තොරතුරු උණු කැවුම් බවට පත්කොට දවසේ තොරතුරු ලෙස සමාජගත කිරීමට දායක වීමෙන් සිදුව ඇත්තේ බරපතළ මුලාවකට මෙරට ජන සමාජය නතු කිරීම නොවේද?

කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු විසින්ම මේ වන විට තහවුරු කර ඇත්තේ තැනින් තැන සිදුවන වන කොරෝනා මරණ සංඛ්‍යාව පිළිබඳව වත් තොරතුරු එක්රැස් කර ගැනීමට තරම් හැකියාවක් ඔවුන්ට නොමැති බවයි.

කොරෝනා මර්ධනය හැට හුට හමාරක් වන කොරෝනා මර්දනය සම්බන්ධයෙන් පත් කොට ඇති ජනාධිපති කාර්ය සාධක බලකා, සෞඛ්‍ය යාන්ත්‍රණ, හමුදා යාන්ත්‍රණ, දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම් වරුන්ගෙන් යුත් යාන්ත්‍රණ සියල්ලම නිවැරදි යාවත්කාලින වූ තොරතුරු සමාජයට ඉදිරිපත් කිරීමට අසමත් වී ඇති බවයි.

මෙහි අවලස්සනම සිදුවීමට කදිම නිදසුනක් අද වාර්තා වුණා.

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද (11) වාර්තා වුණා.

ඒ මරණ 101 ක් ලෙසයි

බොහෝ දෙනෙකු සිතන්නේ එය ඊයේ (10) දිනයේ සිදු වූ මරණ ඇසුරින් නිර්මාණය කළ වාර්තාවක් බවයි.

නමුත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට මෙම මරණ සංඛ්‍යාව පිළිබඳ වාර්තාවට පසුගිය පෙබරවාරි මස 06 දා සිට මේ දක්වා සිදු වූ මරණ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඇතුළත් කර තිබෙනවා.

උපුටා ගැනීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්තාව

එම තොරතුරු වාර්තා අනුව තව තවත් සැඟවුණු මරණ ගතවූ කාලය තුළ තිබිය හැකි.

වාර්තාකරණය අනුව පෙනී යන්නේ මරණ සංඛ්‍යාව කිසිසේත් නිශ්චිත ලෙස දිනකට සිදුවූ මරණ සංඛ්‍යාවක් ලෙස පිළිගත නොහැකි බවයි.

යම් දිනයක් නිශ්චිත ලෙස සඳහන් කර එම දිනයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව මෙන්න ,අදාළ දිනයේ සිදුකරන ලද පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව සහ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව මෙන්න , යනුවෙන් නිළ වශයෙන් දත්ත ප්‍රකාශයට පත් කිරීමේ හැකියාවක් මේ දක්වා ආණ්ඩුවට ලැබී නැහැ.

අද නිකුත් වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාධ්‍ය නිවේදනය අනුව පෙනී යන්නේ පසුගිය පෙබරවාරි මාස 6 වෙනිදා සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව පිළිබඳව හෝ මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ කිරීමට ආණ්ඩුවට හැකිවී නොමැති බවයි.

එමෙන්ම යම් දිනකදී සිදු කර ලද නිශ්චිත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඒ හරහා හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු හෙළි කිරීමට අදාළ අංශ අපොහොසත් වී තිබෙනවා.

එවන් වටපිටාවක් තුළ මෙවැනි තීරණාත්මක වෛරසයක් මර්දනය කිරීම සම්බන්ධයෙන් නිවැරදි විශේෂඥ තීන්දු තීරණ ලබා ගන්නේ කෙසේද ?

මෙරට ඇතැම් ජනමාධ්‍ය තුළ තිබෙන දුර්වල වාර්තාකරණය හමුවේ ජනතාවගේ මනස දැන් විකෘතියකට ලක්කොට ඔවුන් තුළ වැරදි තොරතුරු ජනනය කරවීම කෙතරම් දුරට යුක්තිසහගත ද ?

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරය දරන මොහාන් සමරනායක නම් වූ ජේෂ්ඨ මාධ්‍යවේදියාගෙන් අපට ඇති ප්‍රශ්නය වන්නේ ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ තිබෙන සජීවි බව සහ නිරන්තරයෙන් යාවත්කාලීනවන බව ඔබේ අත්සනින් නිකුත් කරන ප්‍රවෘත්ති නිවේදන වලට ඇතුලත් නොවීමේ අර්බුදය නිර්මාණය වූයේ කෙසේද? යන්නයි.

ඒ සමගින් , එය ඔබ විසින් ජනමාධ්‍යවේදීන්ට කියාදෙන අලුත් ජනමාධ්‍ය පාඩමක් ද නැතිනම් කාගේ හෝ උවමනාවකට මෙම තොරතුරු හිතුමතේ පාලනය කරනවාද?

එසේත් නැතිනම් රජයට හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට හෝ කොරෝනා මර්දනය සඳහා පිහිටුවා ඇති හැටහුට හමාරක් ආයතන වලට සහ නිලධාරීන්ට සම්බන්ධයෙන් සිදුවන මරණ සංඛ්‍යාව ප්‍රතිඵල පිළිබඳවත් ගත හැකි තොරතුරු පද්ධතියක් නොමැති ද?

ඒ සඳහා තාක්ෂණයක් නොමැති ද? යන ප්‍රශ්න ද මතු වනවා.

මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට රජයෙන් සහ අදාළ අංශ අපොහොසත් වන තාක් කොරෝනා මර්දනය කිරීම සඳහා විද්‍යාත්මකව අවශ්‍ය තීන්දු තීරණ වලට එළඹීමේ අවකාශය ලංකාවට අහිමි වන අතර විසින් තොරතුරු ජනතාවට ලබා ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලය ලෙස ආණ්ඩුවේ තොරතුරු වාර්තා කරන ක්‍රියාවලිය පිළිබඳ තවදුරටත් ජනතාව තුළ සැක සංකා මතු වීමත්, වෛරසය හරහා ජන සමාජය තවදුරටත් විනාශ මුඛය කරා ළඟා වීමත් සිදුවන බව නම් අතිශයින්ම පැහැදිලි කරුණක්.

About The Author