සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් මාවනැල්ල ප්රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් මහතා එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, මාවනැල්ල ප්රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යය ඉටුකිරීම සඳහා උප සභාපතිවරයා වන කෝරලේ ගෙරද පියතිස්ස මහතා ව එම තනතුරට පත්කර ඇත.
1987 අංක 15 දරන ප්රාදේශීය සභා පනතේ 185(3) (අ) ( i) වගන්තියේ ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල ප්රකාරව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් එම ගැසට් නිවේනය නිකුත් කර තිබේ.


අත නොහැර කියවන තැන
ත්රිකුණාමලය හා මඩකළපුව නැගෙනහිර මාර්ගයේ ගමනාගමනයටත් බාධා
දැදුරු ඔය ප්රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්
පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්