Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මාලිමාවට බලය හිමි ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි

ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් අද (15) පරාජයට පත්ව තිබේ.

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය 36ක් වන අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 19ක් ලැබී ඇත.

අද පෙරවරුවේ නගරාධිපති සුනිල් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන රැස්විම පැවැත්විණි.

ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදි වැඩි ඡන්ද 02කින් අයවැය පරාජයට පත්විය.

එහිදී ජාතික ජල බලවේගයේ මන්ත්‍රීවරුන් 17 දෙනා අයවැය ලේඛනයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 09 දෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 05, පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 03 සහ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරනු ලැබීය.

ගාල්ල මහ නගර සභාව ජාතික ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එක්ව පිහිටවනු ලැබූ අතර නගර සභාව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය පළ කරමින් නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත් ප්‍රියන්ත සහබන්දු මහතාද අයවැයට විපක්ෂව සිය ඡන්දය භාවිත කළේය.

About The Author