ජනතාව හෙණ ඉල්ලයි : පොලිසිය ගොළු වෙයි : සද්ද වසා රැළියට ආරක්ෂාව දෙයි
අධිබල යතුරුපැදි තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් සුඛෝපභෝගී වාහන රැසක් ඇතුළත් වාහන රැළියක් ඊයේ වයඹ පළාත හරහා ගමන් කර තිබුණේ ජනතාව පීඩනයට පත් කරමිනි.
ඉන්ධන නොමැතිව මහජනතාව පෝලිම් වල රැඳී සිටියදී ජනතාව පීඩාවට පත් කරමින් සහ මාර්ග නීති උල්ලංඝනය කරමින් ගමන්ගත් මෙම රැලියට පොලිස් ආරක්ෂාව පවා ලැබී තිබුණා.
මෙම වාහන සවාරියට ප්‍රදේශ රැසකින් මහජන විරෝධතා එල්ල වුණා.
කොළඹ සිට කල්පිටියට බලා මෙම වාහන ගමන් කළ බවයි පැවසෙන්නේ.
සවාරියට ඉදිරියෙන් පොලිස් පෙරගමන් යතුරුපැදි ගමන් කළ අතර එම පෙළපාලියේ අවසානයේ ඉන්ධන බවුසර සහ ගිලන් රථද ගමන් ගත බවයි පැවසෙන්නේ.
ප‍්‍රබල දේශපාලකයෙකු මේ සඳහා මැදිහත් වී ඇති බවට වාර්තා පළවුණා.
ඒ සමග ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා මෙම වැඩසටහන සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට