Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මාධ්‍යයට කරුණු ලියු හිටපු හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට

චීනය සහ තලෙයිබාන් සංවිධානය අතර සම්බන්ධයක් සහ ඉන්දීය තානාපති කාර්යාලයට එල්ලවන ප්‍රහාරයක් ගැන හෙළිකිරීම පිළිබඳ ගැටළුවක්

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය හා සම්බන්ධ, මාධවේදී කීර්ති රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ඉන්දීය නිදහස් දිනය හෙටට යෙදී ඇති අතර කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසරිස් කාර්යාලයට ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවත්, ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙස කීර්ති රත්නායක මහතා ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නිලධාරියෙකුට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ තොරතුර සම්බන්ධයෙන් ඉන්දියාව සිය මහකොමසාරිස් කාර්යාලයට ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලා ඇති අතර එහිදී අදාළ තොරතුර ලබා දුන් රත්නායක මහතාගේ අනන්‍යතාවය හෙළිදරව් වී තිබෙනවා.

අත් අඩංගුවට ගැනීම සිදුව තිබෙන්නේ අදාළ සිද්ධිය මතයි.

කීර්ති රත්නායක මහතා ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස සේවය කළ අයකු බව ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.

මේ සම්බන්ධයෙන් සටහනක් තබන ලංකා ඊ නිවුස් සඳහන් කරන්නේ මෙය මාධ්‍ය දඩයමක් බවයි.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ඔහු ලබා දී ඇති කරුණු ජාතික ආරක්ෂාවට අදාළ වන සහ රටවල් කිහිපයක් එකට සම්බන්ධ කර ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ඔහු පොලිස් භාරයට ගෙන ඇති බවයි.

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ සිට නැරඹීම අවහිර කර දැමීම සඳහා මේ වන විට කටයුතු කර ඇති අතර එම බාධකද නොතකා ඔවුන් බ්ලොග් අඩවියක් ලෙස සිය වාර්තාකරණය සිදු කරමින් සිටිනවා.

About The Author