Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මාධ්‍යවේදියෙකුට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල වූ විට පොලිසිය භාර ඇමතිගේ පොලිස් පුතාට : ගල් සහ අසූචි වලට සිදු වූ අපහාසය ගැන දුක හිතෙයි

ගල් සහ අසූචි වලට අපහස කළ අධමයන් තාත්තට කියල අල්ලගන්න බැරිද ? FB පොස්ටුවත් ගැලවේ – ඇලවේ

‍ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවූ මැර ප්‍රහාරයෙන් පසු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුත් පොලිස් අධිකාරි සචිත්‍ර වීරසේකර මහතා විසින් පළ කළ අදහසක් මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් ඒ සඳහා අසූචි සහ ගල් යොදාගෙන තිබුණා.

සිද්ධියෙන් පැය කිහිපයක් ගත වන අවස්ථාවේ සරත් වීරසේකර මහතාගේ පුත්‍රයා විසින් සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබෙන්නේ ගල්වලට සහ අසූචිවලට අපහාස කළ අය හෙළා දකිමු ලෙස සටහන් කරමින්.

එම පෝස්ටුව සහ ප්‍රහාරය අතර සම්බන්ධයක් පවතින බවට මේ වන විට අදහස් ඉදිරිපත් වී ඇති අතර අදාල පෝස්ටුව ප්‍රසිද්ධ කොට ටික වේලාවකින් එය ඉවත් කර ගැනීමට ඔහු කටයුතු කර තිබු අතර ඔහු නැවත එය පළ කර තිබුණා.

පොලිස් රෝහලේ සේවය කරන පොලිස් අධිකාරී සචිත්‍ර වීරසේකර මහතා පසුගිය කාලයේ චමුදිත සමරවික්‍රම මහතා විසින් දිගින් දිගටම අනාවරණය කළ පියුමි හංසමාලි මහත්මියට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඇගේ ඇඳුම් සහිත ගමන් මල්ල රැගෙන යාමට අදාළ සිදුවීමටද පැටලී තිබු බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා.

එමෙන්ම නිරෝධාන නීති උල්ලංඝණය කරමින් සිය විවාහ උත්සවය සිදුකළ බවට චෝදනාවක් ද ඔහුට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වුණා.

කෙසේ වෙතත් රටේ ආණ්ඩු අවස්ථාවෙන් ස්ථාපිත කර ඇති භාෂණ අයිතිය අනුව සෑම පුරවැසියෙකුටම ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කිරීම සියලු පුරවැසියන්ගේ වගකීමක්.

එවන් අවස්ථාවක මාධ්‍යවේදියෙකු ඉලක්ක කර ගනිමින් නින්දිත ප්‍රහාරයක් එල්ල වී ඇති මොහොතක රටේ මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයාගේ පුත්‍රයා ලෙස පමණක් සක්‍රිය රාජකාරියේ නිරත පොලිස් අධිකාරී වරයෙකු ලෙස මෙවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කිරීම බරපතළ තත්ත්වයක්.

එමෙන්ම රාජ්‍ය සේවකයන්ට විශේෂයෙන්ම ආරක්ෂක අංශ වල සාමාජිකයන්ට මෙවැනි සිදුවීම් සඳහා අදහස් පලකිරීමේදී නිකුත් කර ඇති චක්‍රලේඛ කීපයක්ද පවතින මොහොතක පොලිස් අධිකාරී සචිත්‍ර වීරසේකර මහතාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳ දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

අවසනයේ, මාධ්‍යවේදීන්ගේ ජීවිතයට වඩා ගල් සහ අසූචිවල ගෞරවය පිළිබඳ උනන්දු වන පොලිස් අධිකාරී සචිත්‍ර වීරසේකර මහතාට කීමට ඇත්තේ ඔබ වහා කළ යුතුව වන්නේ අදාල අපහාසය සිදුකළ පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගන්නා ලෙස ඔබේ ඇමති පියාට පැවසීම මිස මුහුණු පොතේ පෝස්ට් පලකිරිම සහ මකා දමමින් විහිලු සැපයීම නොවන බවයි.

About The Author