Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මාතෘ සායන වල ලියාපදිංචි මව්වරුන්ගෙන් 7% බාලවයස් කාරියන් බව හෙළිවෙයි !

රට පුරා සායනවල ලියාපදිංචි වී ඇති ගැබිනි මවුවරුන් අතරින් 5%ක් 7%ක් අතර ප්‍රමාණයක් වයස අවුරුදු 18ට අඩු අය බව ළමා හා කාන්තා රාජ්‍ය අමාත්‍යංශයේ ජාතික කාන්තා කමිටුව සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

පවුල් සෞඛ්‍ය කාර්යංශයේ දත්ත, සායන දත්ත පදනම් කර ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ. වයඹ, උතුරුමැද, උතුර, නැගෙනහිර, මධ්‍යම, ඌව යන පළාත්වලින් මෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස වාර්තා වී ඇති ළමා ගැබ් ගැනීම්වලින් බහුතරයක් සිය පියා, සහෝදරයන්, පෙම්වතාගෙන් මෙන්ම පවුලේ ඥාතීන්ගෙන් සිදුවී ඇති බව හෙළිවූයේ යැයි ජාතික කාන්තා කමිටුවේ විධායක අධ්‍යක්ෂවරිය මානෙල් ජයමාන්න පැවසුවාය.

ගැබ් ගැනීම්වලට ලක්ව ඇති බොහෝ දෙනෙකුගේ ‘මව’ විදේශගතවී සිටීම නිසා ඔවුන් ලිංගික අතවරවලට ලක්ව ඇති බව අනාවරණය වී ඇත්තේ.

මේ වනවිට පාසල් මට්ටමින් දරුවන්ට ලබාදෙන ලිංගික අධ්‍යාපනයේ ඇති අඩුපාඩු, ලබාදෙන දඬුවම් ලිහිල්වීම, සමාජයද දරුවන්ට ලබාදෙන රැකවරණය අවම බව යන කරුණු ගැටලු ලෙස හඳුනාගෙන ඇති බව අධ්‍යක්ෂවරිය සඳහන් කරනවා.

මෙලෙස වාර්තා වී ඇත්තේ ලියාපදිංචි දත්ත පමණක් වන අතර තවත් මෙවැනි සිදුවීම් සමාජයෙන් වසන් කර තිබිය හැකි බව ද පැවසෙනවා.

මේ වනවිට ළමා ගැබ් ගැනීම් පිටුදැකීමේ ජාතික ප්‍රතිපත්තියක් සකසමින් පවතී. ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත එක් වැඩපිළිවෙළක් ලෙස ළමා ගැබ් ගැනීම්වලට ගොදුරුවන තරුණියන් හා ඉපදෙන දරුවා ආරක්ෂා වන පරිදී රැකවරණ මධ්‍යස්ථාන ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා.

ගැහැනු දරුවන් ආරක්ෂා කිරීම පවුල තුළින්ම සිදුකළ යුතු බැවින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් දීපව්‍යාප්තව සිදුකිරීමටද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

© මුලාශ්‍රය – අරුණ

About The Author