නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය කැඳවූ නඩුවලට පෙනී සිටින නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයක පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරීන් ඊයේ (06) අධිකරණ කටයුතුවලින් ඉවත් වීම නිසා මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබිණි.
මහේස්ත්‍රාත්වරිය විසින් කැඳවනු ලබන නඩු සඳහා පෙනී සිටින පොලිස් නිලධාරීන්ට සැකකරුවන් ඉදිරියේදී අපහාස වන ආකාරයෙන් බැණ වැදුණු බව කියන සිද්ධියක් පදනම් කර ගනිමින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි සියලුම පොලිස් නිලධාරීන් අධිකරණ කටයුතුවලින් ඉවත් වී ඒ පිළිබඳව නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි 1 වෙත පැමිණිලි කර ඇත.
නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සඳහන් කරන්නේ, මාස කිහිපයක සිටම මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී සැකකරුවන් ඉදිරියේ පොලිස් නිලධාරීන්ට අපහාස වන ආකාරයට බැණ වඳින බවත් එවන් තත්වයක් තුළ පොලිස් නිල ඇදුමේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් පොලිසියේ රාජකාරී කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත්ය.
මේ පිළිබඳව මීට පෙර නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දැනුවත් කර ඇති අතර එයට විසඳුමක් නොලැබීම හේතුවෙන් අද දින උදෑසන 11.30ට පමණ අධිකරණ කටයුතු සිදු කරමින් පැවති අවස්ථාවේ අධිකරණ කටයුතුවලින් ඉවත් වූ බව එම පොලිස් නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
ඩයගම, ආගරපතන, තලවකැලේ, ලිඳුල, නානුඔය, පට්ටිපොළ, කඳපොළ යන පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරීන් මෙසේ රාජකාරි කටයුතුවලින් ඉවත් වී තිබේ.
නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීයෙකු සඳහන් කළේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය හමු වී සාකච්ඡා කරන බවය.
© Lanka Truth
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි