රටේ දේශපාලනය මෙන්ම ආර්ථිකයද බරපතල ලෙස විනාශ වී ඇති මොහොතක පසුගිය මැයි මස 09 වෙනිදා රට පුර ඇති වූ ප්‍රචණ්ඩකාරී වාතාවරණය නිර්මාණය කිරීමට මුල් වූ පොහොට්ටු ආධාරකරුවන් සහ ඒ සඳහා ඔවුන් රැස් වූ අරලිය ගහ මන්දිරයේ ප්‍රධානියා වූ හිටපු අග්‍රාමාත්‍ය පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා නැවත සුපුරුදු පරිදි දේශපාලන ක්‍රියාකාරකම්වලට අවතීර්ණ වී සිටිනවා.
ඒ අදාළ සිදු වීමෙන් පසු ජනතාවට බියෙන් පලාගොස් සැඟවී , අගමැති කමද අතහැර හොරගල් අහුලමින් සුක්ෂම ලෙස නැවත සමාජ ගත වීමෙන් අනතුරුවයි.
අගමැතිවරයා පමණක් නොව ජනාධිපතිවරයාද ධූරවලින් ඉවත් විය යුතු බවට සමාජයෙන් නැගී ආ බරපතළ ප්‍රතිවිරෝධතාවය සමනය කිරීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වුණා.
එම අවස්ථාවේදී රාජපක්ෂ පවුලේ එකම ගැලවුම්කරුවා වූයේද රනිල් වික්‍රමසිංහ මහතායි.
මැයි මස 09 වෙනිදා සිදුවීමෙන් පසු බිත්තියටම හේත්තු වී ජනාධිපති මන්දිරයේ සැඟව සිටි බව පැවසෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ වන විට සිටියේ දේශපාලන වශයෙන් අනාථයෙකු ලෙස බව නොරහසක්.
මෙම තත්ත්වය තුළ ජනතා විරෝධය පාලනය කොට තම බලය ආරක්ෂා කර ගැනීම සඳහා ගසන්නට ඇති දේශපාලන දහන් ගැට සියල්ලම ගසමින් සිටී ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති ධූරය විපක්ෂයට ලබාදී සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා උනන්දු වුණා.
කෙසේ වෙතත් ජනාධිපති වරයාගේ දුර්වලභාවය තුළ සහ රටේ ජනතාවගේ පොදු ඉල්ලීම පිළිගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැතිධුරය බාර ගැනීම සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා.
එම අවස්ථාවේ මෙරට දේශපාලනයේ සැබෑ ස්වභාවය තේරුම් ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකි වූයේ නැහැ.
ජනාධිපතිවරයෙකු ඉවත් කිරීම සඳහා ඇති විධිවිධාන මෙන්ම උපක්‍රමශීලී රාජපක්ෂලා කිසිවිටෙකත් බලය අත් නොහරින තත්ත්වය දේශපාලන වශයෙන් අපරිණත ලක්ෂණ බොහෝවිට පිළිබිඹු කරන සජිත් ප්‍රේමදාස මහතාට අවබෝධ නොවන්නට ඇති.
අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා වහා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කර ගත්තා.
සමාජයෙන් කෙතරම් චෝදනා එල්ල වුවද රනිල් රාජතාන්ත්‍රික දේශපාලනඥයෙකු බවත් කුමක් හෝ කර රට අර්බුදයෙන් ගොඩ ගනු ඇති බවටත් සමාජය තුල ගොඩනැගී තිබූ විශ්වාසය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කොට යම් කාලයක් අර්බුද සමනය කරගත හැකි වාතාවරණයක් උදාවුණා.
රනිල්ට මාසයක් දෙමු, සති දෙකක් දෙමු ආදී වශයෙන් ජනතා අදහස් සමාජය තුළ ව්‍යාප්ත වන වටපිටාවක සැඟවී සිටි රාජපක්ෂලා හට නැවත අළු ගසා නැගී සිටීමට ප්‍රමාණවත් කාලසීමාවක් හිමිවුණා.
සතියෙන් දෙකෙන් සියල්ල අමතක වන ඔලමොට්ටල ජාතියක් ලෙස ප්‍රකට මෙරට වැසියන්ට මැයි 09 වෙනිදා සිද්ධිය පැහැදිලිවම සති දෙකෙන් අමතක වන බව අවබෝධ කරගන්නට රාජපක්ෂලාට අපහසු වුයේ නැහැ.
කෙසේ වෙතත් ගෝඨාභය – රනිල් සමග ඇතිකරගත් එකඟතා හෝ කොන්දේසි හෝ කිසිවක් ප්‍රසිද්ධියට පත් වූයේ නම් නැහැ.
නමුත් රනිල් තම පක්ෂයේ තිදෙනෙකු පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහාත්, මහ බැංකුව ඇතුළු තීරණාත්මක ආයතන කිහිපයකට තමන්ට අවශ්‍ය පුද්ගලයින් පත් කිරීම සඳහා ද කතිකා කර ගත් බව අභ්‍යන්තර දේශපාලන තොරතුරු ඔස්සේ වාර්තා වුණා.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා සහ සභාපතිවරයා ද පැවසුවේ රනිල් බලයට පත්වුවහොත් සති දෙකෙන් පෝලිම් අවසන් කරන බවයි.
කෙසේ වෙතත් ගෝඨා – රනිල් එක් වී අරගලය දියකර දැමීමට කටයුතු කළ අතර අරගලය සංදර්ශනයක් නොකොට අරගලයේ සැබෑ ජීවගුණය පවත්වාගත් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැදිහත්වීමෙන් අරගලය දිය වී ගිය බවට මතයක් සමාජ ගත කිරීමට සැලසුම් සකස් කෙරුණා.
මැයි මස 09 වෙනිදා සාමකාමී අරගල කරුවන්ට පහරදුන් මැරයන් සහ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනිබත් කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් පැහැදිලි කොටස් දෙකකට වෙන් කොට දෙවැනි කණ්ඩායම වැඩිබරක් තබමින් දඩයම් කිරීම ඇරඹුනා.
ඉන්ධන පෝලිමේ සිට ක්‍රමක්‍රමයෙන් පොලිස් සහ හමුදා රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර ගැනුණා.
අදට රනිල් බලයට පත්වී දින 50 ක් ද ඉක්මවා ගොස් තිබෙනවා.
මේ රටේ තත්වය අවුලෙන් අවුලට පත් වී අවසන්.
දැන් රනිල්ට සිදුව ඇත්තේ කුමක්ද?
ශ්‍රී ලංකාවේ දේශපාලන සන්නිවේදනය පිළිබඳ සහ ජනතාවගේ හැසිරීම පිළිබඳ කිසි කලෙක නිසි ලෙස අවබෝධ කර නොගත් අවංක සන්නිවේදකයෙකු වන අගමැති වික්‍රමසිංහ මහතා මේ වන විට රාජපක්ෂ පවුලේ සහ රටේ අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශකයා බවට පත්ව තිබෙනවා.
තමුන් අගමැති වුනේ ඔය මගුල් කියවන්නටද ? නැති බනේම කියන්න පාලකයින් මොටදැයි අසමින් රටේ ජනතාව මේ වන විට සාප කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහටයි.
පසුගිය කාලය මුළුල්ලේම ඉන්ධන අර්බුදය මතු වන විට , විදුලි අර්බුද ඇතිවන විට රාජපක්ෂ පවුලේ කිසිවකු ඒ පිළිබඳ කතා නොකළ බව අපට අමතක නැහැ.
ඒ වෙනුවට අදාල අමාත්‍යාංශ ලේකම්වරයා හෝ විෂයභාර අමාත්‍යවරයා ලවා මාධ්‍යයට ප්‍රකාශ ලබා දෙමින් එල්ල වන ජනතා අප්‍රසාදයෙන් ගැලවීමට තරම් රාජපක්ෂලා සූක්ෂම වුණා.
නමුත් රනිල් වික්‍රමසිංහ අද වන විට ජනතා සාපයට ලක් වී අවසන්.
රනිල් වික්‍රමසිංහ බලයට පත්වුවහොත් ලොව පුරා රාජ්‍ය නායකයින් සමඟ මුහුණට මුහුණ සාකච්ඡාකොට පවතින අර්බුදයට විසඳුම සොයනු ඇති බව සිතුවද මේ වන විට රාජතාන්ත්‍රික සබඳතා ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකාවටත් වඩා පහළ මට්ටමක සිටී මාලදිවයින් දූපත් රාජ්‍යයේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ට භාරදීම හරහා රනිල්ගේ රාජතාන්ත්‍රික භාවය ද අභියෝගයට ලක් ව තිබෙනවා.
එහි ඇති අනෙක් බරපතලම කරුණ වන්නේ රාජපක්ෂ පවුලේ හිතවතෙකු වන මොහොමඩ් නෂීඩ් මහතා මේ වන විට රාජපක්ෂලා වෙනුවෙන් මාලදිවයිනේ සුවිසල් මන්දිර සහ දූපත් මිලදී ගැනීමට ද සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන බවට මාලදිවයිනේ මාධ්‍ය විසින්ම තොරතුරු වාර්තා කර තිබීමයි.
21න් බලය අල්ලන්ට ගිහින් වුණු දේ
රනිල් වික්‍රමසිංහ ද උපක්‍රමශීලීව තම බලය තහවුරු කර ගැනීම සඳහා ක්‍රමවේදය සකස් කරන්නට වුණා.
ජනාධිපතිවරයා සතු බලතල එකින් එක එකින් එක ගලවා දමමින් පාර්ලිමේන්තුව වගකියන කමිටු පත්කොට ජනපතිවරයා දුර්වල කිරීමටත් විසි එක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් සම්මත කොට අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීමත් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව වුණා.
නමුත් අළු ගසා දමා පැමිණි රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ මැදිහත්වීම හමුවේ අද රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ සේවකයෙකු බවට පත් වී සිටිනවා.
මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන ඇතුලත් කරන්නේ නම් 21 වන සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දක්වන බවයි.
අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බලය හිමිවන විසිඑක්වන ආණ්ඩුව සංශෝධනයට තමන්ගේ කිසිදු අකමැත්තක් නොමැති බව පවසා ඇති මහින්ද රාජපක්ෂ මහතා එය සම්මත කිරීමට පෙර රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳා සිටිය යුතු බවත් අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම පාර්ලිමේන්තුව ශක්තිමත් කරන සංශෝධනයකට සහාය දීමට ප්‍රශ්නයක් නැතත් බලයක් නැති අගමැති කෙනෙකුට විධායක බලතල හිමිවීමට තමන් විරුද්ධ බවද අවධාරණය කර ඇති බව පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා තහවුරු කර තිබෙනවා.
ඒ අනුව අගමැති වික්‍රමසිංහ සිදුවන දේ පිළිබඳ යම් ඉඟියක් අපට ලැබී තිබෙනවා.
බැසිල් ගිහින් එන ධම්මික
මෙරට කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා බැසිල් රාජපක්ෂ මහතා වෙනුවට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ටත් ඉන් නොනැවතී මෙරට ආර්ථිකය තීරණාත්මක ලෙස බලපාන විෂයපථයන් රැසකට වගකියන අමාත්‍යවරයෙකු ලෙසත් පත් කිරීමට ගෙන ඇති තීරණය වර්තමාන දේශපාලනය තවත් අයුරින් කියවීමට අපට මග විවර කර තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා අවස්ථාවේ ඔහුට ලබාදෙන බවට පොරොන්දු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පොරොන්දුව ද ඉටු නොවූ මොහොතක රනිල් වික්‍රමසිංහගේද පූර්ණ එකඟතාවයකින් තොරව රාජපක්ෂ හිතවාදියකු වන සහ රාජපක්ෂ පාලනයෙන් යම් යම් අයුතු ලාභ ලබා ගත් බවට සමාජයෙන් චෝදනා එල්ල වන ධම්මික පෙරේරා මහතා කඩිමුඩියේ මෙරට ආර්ථිකයේ තීරණාත්මක සාධක කීපයක්ම සමගින් අමාත්‍ය ධුරයකට පත් කිරීම හරහා වර්තමානයේ මුදල් අමාත්‍ය ධුරය ද දරන වික්‍රමසිංහ මහතාගේ බලතල සුක්ෂම ලෙස පාලනය කිරීම රාජපක්ෂලා සිදුකර ඇති සැලසුම පැහැදිලි වෙමින් පවතිනවා.
මෙරට ඉතිහාසයේ පමණක් නොව ලෝක දේශපාලන ඉතිහාසයේ ද අවස්ථා හයකදී අසම්පූර්ණ ධුර කාලයන් සඳහා බලයට පත්වූ දේශපාලනඥයා ලෙස වාර්තාගතව ඇති වික්‍රමසිංහ මහතා මෙවර ද උගුලට හසුව තිබෙන්නේ දැන දැනම ද නොදැනද යන්න අප නොදන්නා නමුත් වර්තමාන දේශපාලනය පිලිබඳ සූක්ෂමව කියවා බලන ඕනෑම කෙනෙකුට මෙහි ඇති යථාර්ථය පැහැදිලිව අවබෝධ කරගත හැකි වනු ඇති.
එක්සත් ජාතික පොහොට්ටුව
රාජපක්ෂලා බලයෙන් සිටී කාලය මුළුල්ලේම මෙරට ප්‍රධානම විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දැරුවේ රනිල් වික්‍රමසිංහ මහතායි.
එමෙන්ම එම කාලය පුරා කිසිදු අවස්ථාවක තමා අතින් බලය ගිලිහීමට රාජපක්ෂලා ඉඩ ලබා නොදුන් බව මෙරට දේශපාලනය පිලිබඳ අවබෝධයකින් විමසා බලන ඕනෑම කෙනෙකුට පැහැදිලිව අවබෝධ වන කරුණක්.
යහ පාලන සමයේ දී වුවද සියලු රාජ්‍ය ආයතන, යුක්තිය පසිඳලීමේ ආයතන ඇතුළු සියලුම ස්ථාන රාජපක්ෂලා තම හෙංචයියන් යොදවා පාලනය කළ ආකාරය නොරහසක්.
මෙරට දේශපාලන දැනුමෙන් අන්ධභූත වූ ගොබ්බ ඡන්ද දායකයින් නිරන්තරයෙන් කියවා ගැනීමට රාජපක්ෂලාට ඇති සුවිශේෂී දේශපාලන ඥානය විශිෂ්ට එකක්.
එක අවස්ථාවකදී රනිල් විජාතිකයෙකු කුමන්ත්‍රණකාර විහිළු සපයන්නෙකු බවත්, ඇමෙරිකානු ගැත්තෙකු ඉත්තෙකු ඒජන්තයෙකු බවත් පැවසූ රාජපක්ෂලා 2005 වසරේදී LTTE සංවිධානයට ද අල්ලස් ලබාදී බලය අත්පත් කර ගත් ආකාරය 2010 වසරේදී පැහැදිලිවම හෙළි කරනු ලැබුවේ වර්තමානයේ මහජන ආරක්ෂාව බාර අමාත්‍ය ධුරය හොබවන ටිරාන් අලස් මහතා විසින් බව අපට අමතක නැහැ.
2010 වසරේදී යුධ ජයග්‍රහණය කරලියේ ලෙලවමින් රාජපක්ෂලා දේශපාලන බලය තහවුරු කර ගැනීමට කටයුතු කළා.
ඉන්පසුව ආරම්භ වූයේ මෙරට මුදල් කාබාසිනියා කරමින් ජනතාව ණය කරුවන් බවට පත් කළ රාජපක්ෂලාට වසන්තය උදාකළ වසන්ත සමය බව මෙරට ආර්ථික තත්ත්ව විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වනවා.
2015 වසරේ දී ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සටන් පාඨ හිඟකම රාජපක්ෂලාට ගැටළුවක් වුව ද යුධ ජයග්‍රහණය, අපූරු සංවර්ධනය , ආසියාවේ ආශ්චර්යය, රණවිරුවන් දක්කන විදුලි පුටුව ඇතුළු මාතෘකාව කරලියේ ලෙලවමින් බලය ලබා ගැනීමට ඔවුන් කැස කැව්වා.
එම උත්සාහය මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු මෙරට ප්‍රගතිශීලී ජන බලමුලු ගැන්වීම හමුවේ පරාජයට පත්වුවද රාජපක්ෂලා සූක්ෂම ලෙස රාජ්‍ය පාලනයට සූක්ෂම ලෙස තමන්ට අවශ්‍ය තැන්වලදී මැදිහත්වීම සිදු කර ගත්තා.
මහබැංකු බැඳුම්කරය, පාස්කු ප්‍රහාරය , වඳ සැත්කම්, නැගිටින කොටි , කැලණිය සාදුගේ නයි ධාතුව වැනි මාතෘකා අතරින් ඇතැම් ඒවා නිර්මාණය කොට ජනගත කරමින් ඔවුන් නැවත වතාවක් රාජපක්ෂ පවුලේ බලය මෙරට දේශපාලන තුළ තහවුරු කළා.
මේ වන විට රාජපක්ෂ පවුල පිළිබඳ දැඩි විරෝධයක් සමාජයෙන් එල්ලවී තිබෙනවා.
එම තත්ත්වය තුළ කිසි කලක රාජපක්ෂ කෙනෙකු මෙරට රාජ්‍ය පාලනයට මහජන ඡන්දයකින් පත් නොවනු ඇති බව විස්වාස කරමින් සිටින මේ රටේ ජනතාව අවබෝධ කරගත යුතු වැදගත්ම කරුණ වන්නේ මෙරට දේශපාලනය හොඳින් කියවා ගත් රාජපක්ෂලා රාජපක්ෂ නොවන පුද්ගලයකු හරහා හෝ මීළඟ වතාවෙ තම පාලන බලය තහවුරු කර ගන්නා බවයි.
ඒ සඳහා අවශ්‍ය සූක්ෂම සැලසුම් රැසක් මේ වනවිටත් දේශපාලන අභ්‍යන්තරයෙහි ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා ඇතැමුන් දැන දැනත් ඇතැමුන් නොදැන සම්බන්ධ වී සිටිනවා.
එක්සත් ජාතික පක්ෂය වටා රාජපක්ෂලා ප්‍රතික්ෂේප කරන බව පවසමින් පොදුජන පෙරමුණේ පිරිස් සහ ආණ්ඩුවට සම්බන්ධ පිරිස් එක් වන්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි.
රාජපක්ෂ පාලනයට විරුද්ධ නම් ඔවුන් අසුන්ගත යුත්තේ රාජපක්ෂ පාලනයට එරෙහි මෙරට විපක්ෂ කඳවුරේ මිස රාජපක්ෂලා සමග ආණ්ඩු බලය ම දරන රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය සමඟ නොවන බව දේශපාලන විචාර බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට අවබෝධ වන්නක්.
රාජපක්ෂලාට විරුද්ධ බව සමාජ ගත කිරීමටත් තම දේශපාලන බලය නොනැසී පවත්වා ගැනීමටත් ඔවුන්ට ඇති එකම නවාතැන එක්සත් ජාතික පක්ෂය බවට මේ වන විට පත්ව අවසන්.
එසේ වුවහොත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය ලෙස ලියාපදිංචිව තිබුණද එය අනාගතයේ “එක්සත් ජාතික පොහොට්ටුව” ලෙස ජනතාව විසින් හඳුන්වාදෙනු ඇති.
අවසානයේ අපට පෙන්නේනට ඇත්තේ වික්‍රමසිංහ මහතා අගමැති කම කෙසේ වෙතත් රාජපක්ෂ පවුලේ සාමාන්‍ය සේවකයෙකුගේ මට්ටමට බවට පත් වෙමින් සිටින බව පමණයි.
මෙම තත්ත්වයෙන් මිදීම සඳහා දේශපාලනයේ සූක්ෂ්ම බුද්ධියක් ඇති බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා කුමක් සිදු කරාවි දැයි රටේ ප්‍රගතිශීලී ජනතාව සමඟ මී මැස්සා ද අවධානයෙන්..
© මී මැස්සා
අත නොහැර කියවන තැන
අන්ද මන්ද දේශපාලනේ ජය පරාජය සහ ආතල් එක
මාලිමාව දිනපු තැන්වලත් බලය අල්ලන්න විපක්ෂය කුමන්ත්රණයක | මාලිමාවට එරෙහිව මාලිමාවම
ත්රස්තවාදයට උඩ ගෙඩි දෙන බරපතල පාවාදීමක් ගැන චෝදනාවක් | එන්න අපි ප්‍රශ්න කරමු