රටේම ජනතාව වෙනුවෙන් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ජනතාව විරෝධතාවයේ නිරතවන විට එම හඬ යටපත් කිරීම සඳහා අරලියගග මන්දිරය තුළ නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර ඇති බවට ජනතාවගෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ අදාළ ශබ්ද විකාශන යන්ත්‍ර හරහා විකාශය කෙරෙන්නේ පිරිත් සූත්‍ර දේශනා වීමයි.
දිවා කාලයේ පවා එක දිගට විරෝධතාකරුවන් දෙසට හරවා පිරිත් විකාශය කර තිබෙනවා.
මෙම තත්ත්වය තුළ පොලිසිය නීතිය ඉටු නොකරන බවත් එබැවින් අරගලකරුවන්ට ද ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා අවස්ථාව ලබා දිය යුතු බව පවසමින් සුදත්ත තිලකසිරි මහතා පොලිසිය උණුසුම් වචන හුවමාරුවක නිරතවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.
එහිදී ඔහු චෝදනා කරන්නේ මහින්ද රාජපක්ෂ පිරිතත් තම අවශ්‍යතාවය සඳහා ගණිකා වෘත්තියේ යෙදවීම තරම් පහත් තත්ත්වයට ඇද වැටී ඇති බවයි.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?