ජාතික සංවිධායක ධුරයේ වගකීමත් භාරගනී
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු පිළිබඳව ජාතික සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කළ බවට ප්‍රසිද්ධියට පත් ශිරාස් යූනුස් මහතා අද දින “ජාතික සමගි පෙරමුණෙහි” ජාතික සංවිධායක ලෙස පත්වීම් ලබාගෙන තිබෙනවා.
එම පක්ෂයේ නායක අසාත් සාලි මහතා හමුවෙමින් එම තනතුරු ලබා ගත් බවයි ශිරාස් යූනුස් මහතා පවසන්නේ.
සිය ෆේස්බුක් පිටුවෙහි සදහනක් තබමින් ඔහු මේ බව පවසා තිබෙනවා.
“2022/01/24 වන අද දින ශිරාස් යූනුස් වන මම “ජාතික සමඟි පෙරමුණ” හි ජාතික සංවිධායක ලෙස වැඩ භාර ගත් බව මාගේ ආදරණීය ජනතාවට සතුටින් දැනුම් දෙමි. -ශිරාස් යූනුස්-“

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සමාජ මාධ්‍ය තුළ ද ප්‍රසිද්ධියට පත් වුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට