Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහින්ද රාජපක්ෂගේ නැන්දම්මාගේ ස්කොඩ් එක නතර කළ නිසා මගෙන් පලිගත්තා : කරුණා මාව මරන්න සැලසුම් කළා : මං රටින් පැන්නා – හිටපු OIC එංගලන්තයේ සිට කියයි

ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවන්න ජාත්‍යන්තර සංවිධානයකුත් හදලා

මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මවගේ වාහන පේලියක් නතර කළේ යැයි තමන්ගෙන් පළි ගත් බව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකු වන අජිත් ධර්මපාල මහතා සඳහන් කරයි.

එම සිද්ධිය නිසා තමන්ගෙන් පළි ගත් බවත් තලෙයිමන්නාරමට මාරු කල බවත් පසුව 2008 වසරේ දී නම පවුල පිටින්ම එංගලන්තයට පලා ගිය බවත් හෙතෙම කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කර තිබෙනවා.

අජිත් ධර්මපාල මහතා ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

LTTE සංවිධානය නියෝජනය කළ කරුණා අම්මාන් ඇතුළු පිරිස රාජපක්ෂ කඳවුර සමඟ එක්වීමේ දී තමන්ගේ ජීවිතයට බරපතල තර්ජනයක් ඇති වූ අයුරුද ඔහු මෙහිදී හෙළිකරන්නේ ඒ සඳහා පැහැදිලි සාක්ෂිද තමා සතු බව පවසමින්.

About The Author