චීනය සහ ශ්‍රී ලංකාව අතර චීන යුවාන් බිලියන 10ක මුදල් හුවමාරු ගිවිසුමක් : චීන පොහොර තවමත් කරලියේ
චීනයේ සිට මෙරටට ගෙන එන ලද පොහොර තොගය මෙරටට භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙරට චීන තානාපතිවරයාට දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා විසින් චීන තානාපතිවරයාට මේ බව ඇනුම් දී තිබෙනවා.
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නිර්ණායක වලට අනුව ලබාදෙන පොහොර පමණක් භාර ගැනීමට සූදානම් බව අගමැතිවරයා විසින් චීන තානාපතිවරයාට දන්වා ඇති බවයි.
කෙසේ වෙතත් මෙතරම් තීරණාත්මක කාරණාවක් අදාළ හමුවේදී සාකච්ඡා වූ බවක් නම් මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙළි නොකිරීම විශේෂත්වයක්.
මෙම තීරණාත්මක හමුව පිළිබඳ සිය නිල Facebook පිටුවෙහි සටහනක් තබන මහින්ද රාජපක්ෂ අගමැතිවරයා අදාළ හමුවේදී සාකච්ඡා වූ ප්‍රධාන කරුණු ද මෙලෙස දක්වා තිබෙන්නේ එයට අදාළ ඡායාරුප කිහිපයක්ද පලකරමින්.
උපුටා ගැනීම
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් ලැබෙන සහයට ප්‍රසාදය
මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ෂෙන්හොන් (Qi Zhenhong) මහතා වෙත ප්‍රසාදය පළ කළෙමි.
ඒ, ඊයේ (27) පස්වරුවේ චීන තානාපතිවරයා අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ ය. කොවිඩ් වසංගතය පාලනය කිරීමට මෙන් ම එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ද චීන රජයට මම කෘතඥතාව පළකළෙමි.
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වයට සුබ පැතුම් එක්කළ තානාපති චී.ෂෙන්හොන් මහතා ඒ සඳහා සිය රජයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බව ප්‍රකාශ කළේය.
කොවිඩ් වසංගත අභියෝගය ජයගැනීම සඳහා ආරම්භයේ පටන්ම චීනය වෛද්‍ය සැපයුම්, එන්නත් සහ මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිනමා ඇති බව ද හෙතම මෙහි දී සිහිපත් කළේය.
චීන මහජන බැංකුව (PBOC) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර චීන යුවාන් බිලියන 10ක ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම ගෝලීය ආයෝජකයින්ගේ හැඟීම් ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට උපකාරී වනු ඇතැයි චීන තානාපතිවරයා මෙහි දී අවධාරණය කළේය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සහ රබර් සහල් ගිවිසුම අත්සන් කර වසර 70ක් සපිරීම සනිටුහන් කරන 2022 වසර ශ්‍රී ලංකා-චීන ද්විපාර්ශ්වික සබඳතාවයේ වැදගත් වසරක් වනු ඇති බවට චීන තානාපති චී.ෂෙන්හොන් මහතා මෙහි දී සිය විශ්වාසය පළ කළේය.
ලබන මසට යෙදෙන මගේ උපන් දිනය වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පූර්ව උපන් දින සුබ පැතුම් එක්කිරීමට ද තානාපති චී.ෂෙන්හොන් මහතා මෙහි දී කටයුතු කළේය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි