Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“මහින්දානන්ද කෘෂිකර්මේ ඉන්නතාක් පිටරටින් හාල් ගේන්නේ නෑ – ලංකාවේ හාල් රට අරිනවා ” කියා අප්‍රේල් මාසයේ කියූ මහින්දානන්දට අද වෙච්චි දේ

තමා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරන තාක් කල් පිටරටින් සහල් ආනයනය නොකරන බවත් තවත් මාසයක් ඇතුළත ලංකාවේ සහල් පිටරට අරින බව පසුගිය අප්‍රේල් මාසයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදුකරන ප්‍රකාශයක් අප වෙත ලැබී තිබෙනවා.

ඔහු පවසන්නේ ිසිදු සහල් වර්ගයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

එපමණක්ද නොව රජය මැදිහත්ව මහා පරිමාණ සහල් මෝලක් ද ස්ථාපිත කරන බව ද ඔහු සඳහන් කරන්නේ හිරු ටීවී සලකුන වැඩසටහනට ඉකුත් අප්‍රේල් මස දොළොස් වෙනි දා එක්වූ අවස්ථාවේදීයි.

නමුත් මේ වන විට එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය වී ඇති අතර කැබිනට් මණ්ඩලය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

මේ වන විට අප්‍රේල් මාසයේදී තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහින්දානන්ද අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය කුමක්ද?

මේ පිළිබඳව පසුගිය සදුදා (28) හිරු tv සලකුන වැඩ සටහනේ දී ප්‍රශ්න කෙරුණා.

About The Author