Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහින්දට සහ රනිල්ට රෑ කෑමක් විස වෙයි – දෙදෙනාම අලි අමාරුවක වැටෙයි

ජනතාවට කුමක් ප්‍රකාශ කළත් පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් අතර සෘජු සහ ප්‍රබල සබඳතාවක් පවතින බව සමාජය තුළ මුල් බැසගෙන ඇති මතයක්.

ඇතැම් විටෙක සත්‍ය ලෙසම එවැනි සම්බන්ධතා ක්‍රියාත්මක වන අතර තවත් අවස්ථාවල එවැනි සම්බන්ධතා ඇති බව හුවා දක්වමින් දේශපාලන චරිත දුර්වල කිරීමේ අවස්ථා ද ඕනෑ තරම් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම එම මහත්මියද එකම කෑම මේසයක සිටිමින් ආහාර අනුභව කිරීමේ අවස්ථාවක් ඇතුළත් ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එම ඡායාරූප සංසරණය කරන බොහෝ දෙනෙකු පවසන්නේ වත්මන් අගමැතිවරයා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර දැඩි මිත්‍රශීලී සබඳතාවයක් පවතින බවයි.

සමාජ මාධ්‍ය ජාල හරහා ඇතමෙකු චෝදනා කරන්නේ මෙම සම්බන්ධතා හේතුවෙන් රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ වංචා දූෂණ හෙළි නොවීම සහ යහ පාලන සමයේදී සිදුවූ මහ බැංකුව බැඳුම්කර වංචාව සහ ඒ හා අදාල සිද්ධි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම ද සිදු නොවන බවයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ පවුල් අතර ඇති ඥාති සබඳතාවද ඇතැමුන් මතු කර තිබුණා.

ඊයේ රාත්‍රී සිදුවූ මෙම හමුව කුමක්ද?

කෙසේ වෙතත් ඊයේ (08) රාත්‍රියේ මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇතිවූ මෙම හමුව කුමක්ද යන්න පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති අතර මේ වන විට හෙළිව තිබෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලය අසල 5 වෙනි පටුමගෙහි ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට පදිංචි අසල්වැසියකු වන මෙල්වින් ගුණතිලක මහතාගේ නිවසේ පැවති උපන්දින සාදයකට මෙම පිරිස සහභාගි වී ඇති බවයි.

මෙල්විල් ගුණතිලක මහතා දාස සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමන්ගේද ඥාතියෙකු වන අතර මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සමීප හිතවතෙකු බවයි පැවසෙන්නේ.

ඔහුගෙන් ලැබුණු ආරාධනයකට අනුව ඊයේ රාත්‍රි භෝජනය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ වී තිබෙනවා.

එම ස්ථානයේ සිටි පුද්ගලයකු විසින් අදාළ ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමත් සමග දැඩි ආන්දෝලනයක් නිර්මාණය වුණා.

වාර්තා වන අන්දමට මීට පෙරද මෙල්වින් ගුණතිලක මහතාගේ ආරාධනයට අනුව මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අදාළ නිවසේ ප්‍රිය සම්භාෂණ සඳහා එකම අවස්ථාවේ සහභාගී වී තිබෙනවා.

කෙසේ නමුත් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය මේ වන විට දේශපාලන කරලියේ ජනප්‍රිය මාතෘකාවක් බවට පත් ව ඇති අතර ඇතැමුන් පවසන්නේ මෙය රෑ කෑම විෂ වූවා වැනි සිද්ධියක් බවට මේ වන විට පත්ව ඇති බවයි.

About The Author