සමාගම් ලේකම්ට නමක් නෑ ඇත්තේ අත්සන විතරයි
අගමැති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවේ සෙරනිට් ගෲප් නැමැති සමාගමක ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් අදාළ සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නොමඟ ගිය පිරිසක් විසින් එල්ල කරන මෙම චෝදනා පදනම් විරහිත සහ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම සමාගම සඳහන් කරයි.
තම ආයතනයේ ආරම්භය, උගන්ඩා සහ ශ්‍රී ලංකා පුද්ගලික බැංකු ණය සමග ක්‍රමයෙන් දියුණු වූ ආකාරය නොදන්නා පිරිසක් මෙම වාර්තා පල කර ඇති බව ඔවුන් පවසයි.
පදනම් විරහිත දේශපාලන ප්‍රචාරවලට සම්බන්ධ නොවී ඒවාට ප්‍රතිචාර නොදැක්වීමට තීරණය කළ ද, පසුව අයතනයේ ගරුත්වය සහ කීර්තිය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම නිවේදනය නිකුත් කළ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එම මාධ්‍ය නිවේදනයට අනුව උගන්ඩාවේ අදාළ ආයතනය ආරම්භ කිරිම සඳහා ශ්‍රී ලංකාවෙන් මුදල් යොදවා ඇති බව තහවුරු වීම විශේෂත්වයක්.
අදාළ නිවේදනය පහලින් දැක්වේ….

අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?