Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහා ඛේදවාචකයේ මල සිරුරු ගොඩ ගසයි

X – Press Pearl නෞකාව ගිනි ගැනීමත් සමඟ එහි තිබු රසායනික ද්‍රව්‍ය සාගර ජලයට මුසු වීමේ ප්‍රතිඵල මේ වන විට දක්නට ලැබෙනවා.

කිසිදා තක්සේරු කොට පියවිය නොහැකි මේ මහා සමුද්‍ර දූෂණයේ බලපෑමෙන් සමුද්‍ර ජීවීන් දහස් ගණනක් මේ වන විටත් මිය ගොස් අවසන්.

මේ ඔබ දකින්නේ අද (01) උදැසන මීගමුව පෝරුතොට ප්‍රදේශයේ මීටර 100ක ප්‍රදේශය තිබූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සමුද්‍ර ජීවීන්ගේ සිරුරු කොටස් කිහිපයක්.

Oska Weerasingha සිය ෆේස්බුක් පිටුවෙහි එම ඡායාරූප ප්‍රදර්ශනය කර තිබුණා.

වාර්තාවන අන්දමට ගාල්ලේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරය මේ අයුරින් මියගිය සත්ව කොටස් සහ නෞකාවේ සුන්බුන් වලින් පිරි පවතිනවා.

නාවික හමුදාව, ගුවන් හමුදාව,වෙරළාරක්ෂක බලකාය ඇතුළු සියලු ආයතන මැදිහත් වෙමින් අපද්‍රවය ඉවත් කළද නැවත නැවතත් වෙරළට මෙම සත්ව මළසිරුරු සහ සුන්බුන් ගොදගසමින් පවතිනවා.

Mee Massoo TV ඔස්සේ සමුද්‍ර ජීව විද්‍යාඥ ශාන්ත ජයවීර මහතා සමගින් සිදු කළ විශේෂ කතාබහ තුළද ඔහු මෙම සිදු වීම හරහා මෙරට සමුද්‍ර පරිසර පද්ධතියට සහ විශේෂයෙන්ම සමුද්‍ර ජීවින් සිදුව ඇති බලපෑම පිළිබඳ පැහැදිලි කළා.

එම වැඩසටහන නරඹන්න..

About The Author