හිටපු නාවුක හමුදාපති කරන්නාගොඩට එරෙහිවත් නීතිමය පියවර
නාවික හමුදා භට පිරිසක් විසින් ළමුන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අතුරුදන්වූ එම ළමුන්ගේ දෙමව්පියන් හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම ලබන 29 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (15) නියම කර තිබෙනවා.
එසේම එදිනට වගඋත්තරකාර නීතිපතිවරයාට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නගොඩ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට නියම කර තිබෙනවා.
ඒ අදාළ රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසරු මඩුල්ලක් හමුවේ අද කැදවූ අවස්ථාවේදී යි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි