Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහවිරු දින සැමරුම් දිනය සහ ඉල් මහ සැමරුම පිළිබඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කතා කරයි

SJB රජයක ආරක්ෂක ඇමති මම යි : වරද කරුවන්ට එහේ නෙමෙයි මෙහේ හිටියත් දඬුවම් දෙනවා

මියගිය පුද්ගලයින් සැමරීමේ අයිතිය ඕනෑම කෙනෙකුට ඇති බවත් එය ඉහලින්ම පිළිගන්නා බවත් පවසන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ LTTE ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදෙන දිනයේ එම සැමරුම් යොදා ගැනීම නීති විරෝධී බවයි.

යහපාලන රජය සමයේ උතුරේ පැවැති මහවිරු සැමරුම් සම්බන්ධයෙන් හැඬු කඳුළෙන් කතා කළ වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාට මේ සම්බන්ධයෙන් මැදිහත් වීමට පූර්ණ ලැබී ඇති බව පෙන්වා දුන් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ මහවිරු සැමරුම සහ ඉල් මහ සැමරුම සමාන කොට දැක්වීමට ඇතැමුන් දරන උත්සාහය කිසිවිටක සාධාරණ නොවන බවයි.

ඊට අදාළ හේතු කීපයක් ද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළා.

නුදුරේදී බලයට පත්වන සමගි ජන බලවේගයේ ආණ්ඩුවක නිවාර්යෙන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කරන බවත් ඒ සඳහා මේ වන විට පක්ෂ නායකත්වයේ ආශිර්වාදය හිමිව ඇති බවත් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ පසුගියදා (03) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්.

About The Author