Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහබැංකු බැදුම්කර මගඩියෙන් අහිමි වන්නට නොදී රැකගත් රුපියල් බිලියන 12ත් රටට අහිමි වන ලකුණු

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව රඳවාගෙන තිබෙන රුපියල් බිලියන 12ක මුදල සම්බන්ධයෙන් මහ බැංකුව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් එම මුදල ද රටට අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තවනවා.

පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමට හිමිවිය යුතුව පැවති මෙම මුදල්, මහ බැංකු බැඳුම්කර වංචාව හේතුවෙන් පරීක්ෂණ අවසන් වන තෙක් මහ බැංකුව භාරයේ රඳවා ගැනීමට තීරණය කෙරුණේ යහපාලන රජය බලයේ සිටියදීමයි.

නමුත් වසර 4ක් තිස්සේ ඊට අදාළව කිසිදු පරීක්ෂණයක් හෝ පියවරක් හෝ නොගැනීම මත මෙම අර්බුදය මතුව ඇති බවයි මහබැංකු ආරංචි මාර්ග වාර්තාකරන්නේ.

යම් හෙයකින් පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම මෙම මුදල් ඉල්ලා නඩු පැවරුවහොත් එම මුදල රටට අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

එයට හේතුව වී තිබෙන්නේ මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පරීක්ෂණ මෙතෙක් අවසන් නොවීමයි.

ඒ අනුව මහ බැංකුව මෙම මුදල් රඳවාගෙන සිටින අතර, එය රජයට පවරා ගන්නේ ද නැතිනම්
සමාගමට නිදහස් කරන්නේ ද යන්න පිළිබඳ කිසිදු පියවරක් ගෙන නැහැ.

යම් මුදලක් මහ බැංකුව රඳවා ගන්නේ නම්, ඊට ගත යුතු පියවර සම්බන්ධයෙන් වාර්තා කළ යුතු වුවත්, මෙම මුදල් සම්බන්ධයෙන් එවැනි වාර්තා කිරීමක් ද ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෙතෙක් සිදුකර නැහැ.

© මුලාශ්‍ර – ලංකා

About The Author