Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහබැංකුව දේශපාලනීකරණය වෙලා : හොරකමට කැමති පාලකයා විගණනයට කැමති නෑ : හිටපු විගණකාධිපතිවරයාගෙන් සැර ප්‍රකාශයක්

රටේ ඉරණම කඩදාසියකට ගෙන පෙන්වයි

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා Mee Massoo TV සමගින් පසුගියදා විශේෂ සාකච්ඡාවට එක්වුණා.

එහිදී රටේ ආර්ථිකය සහ දේශපාලනය සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු රැසක් හෙළිදරව් කිරීම විශේෂත්වයක්.

හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය රටේ සමස්ත ණය ප්‍රමාණය පිළිබඳ නිසි අවබෝධයක් හෝ නිවැරදි දත්ත හෝ ශ්‍රී ලංකා මහා බැංකුව සතුව නොමැති බවද ඔහු සඳහන් කළා.

මේ දක්වා ඉදිරිපත්ව ඇති අය වැය වාර්තා හිස් ලියවිලි පමණක් බවද පෙන්වාදුන් හිටපු විගණකාධිපතිවරයා වසර හතළිහක් තිස්සේ අයවැය පොරොන්දු ඉටු වුණා නම් මේ රට අද වන විට සුරපුරයක් විය යුතු බවද සඳහන් කළා.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුද රැසකට හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙකු සහ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ පී බී ජයසුන්දර මහතා වගකිවයුතු බව සඳහන් කිරීම විශේෂත්වයක්.

කැබිනට් මන්ඩලයේ සාමූහිකත්ව වගකීම පිළිබඳව කතා කළේ හිටපු විගණකාධිපතිවරයා පෙන්වාදුන්නේ එම සාමූහිකත්වය පැවතිය යුත්තේ රටේ දේපළ ආරක්ෂා කරමින් රට සංවර්ධනය කිරීම වෙනුවෙන් විනා රටේ සම්පත් හොර රහසේ විකුණා කෑම වෙනුවෙන් නොවන බවයි.

කැබිනට් මණ්ඩලය තුළ එවැන්නක් සිදු වනවා නම් ඉන් පිටතට බැස තමාට පරමාධිපත්‍යය බලය ලබා දුන් ජනතාවට එම තත්ත්වය හෙළි කිරීමට ඇමතිවරුන් බැඳී සිටින බව ද ඔහු සදහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සඳහා උත්සාහ නොකරමින් ස්වෛරීත්ව බැඳුම්කර සහ වෙනත් රටවල්වලින් ණය ලබා ගැනීමට පාලකයන් උත්සහ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ලබා ගතහොත් සොරකම් කිරීමේ අවස්ථාවන් ඇහිරී යාම නිසා බවද ඔහු පැවසීම විශේශත්වයක්.

රජය විසින් පසුගිය ජනවාරි මාසයේ ගෙවා දැමූ ඇමරිකානු ඩොලර් මිලියන 500 ස්වෛරිත්ව බැඳුම්කර පිටුපසද බරපතළ වංචාවක් සිදුව ඇති බව කතාබහට ලක්වන බව පෙන්වාදුන් හිටපු විගණකාධිපතිවරයා බැඳුම්කර වෙනුවෙන් මුදල් ගෙවීමට ඇති කාලසීමාව දිගූ නොකර ගනිමින් හදිසියේම එම මුදල් ගෙවා දැමීම ගැටලුවක් බවද පෙන්වා දුන්නා.

තමා විගණකාධිපති ධුරය දැරූ සමයේ තමා දුටු බරපතලම වංචාව සතොස හරහා සහල් ගෙන්වීමේ සිදුවීම බව පෙන්වා දුන් ගාමිණි විජේසිංහ මහතා 2014 වසරේදී පැවති රාජපක්ෂ රජය මෙන්ම ඉන් පසුව බලයට පත් යහපාලන ආණ්ඩුව ද එම වංචාව සම්බන්ධ වූ බවද හෙළි කළා.

රාජපක්ෂ පාලන සමයේ ඉදිකල නෙලුම් කුළුණ ද මහා පරිමාණ ගසාකෑමක් සිදුකළ විනිවිද බවින්තොර ගනුදෙනුවක් බවද ඔහූ පෙන්වා දුන්නා.

පවතින තත්වය හමුවේ රට බංකොලොත් වී නොමැති බව පෙන්වා දුන් හිටපු විගණකාධිපති වරයා සඳහන් කළේ බංකොලොත් වී ඇත්තේ ආණ්ඩුව බවයි.

අද වන විට මහ බැංකුව දේශපාලනීකරණය වී ඇති බවට චෝදනා කළ ගාමිණී විජේසිංහ මහතා “සර් කීයක් අච්චු ගහල දෙන්න ඕනද” කියා විමසන තැනට මහ බැංකු නිලධාරීන් පත්ව ඇති බව සඳහන් කළා.

අදාල සම්පූර්ණ වැඩසටහන පහලින්..

About The Author