Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහජන මුදල් කෝටි ගණනක් වැය කොට ගෝඨාභය පිහිටවූ හැටහුට හමාරක් කොමිසම් සහ බලකා වලට මොකද වෙන්නේ ?

පැමිණිල්ල විත්තිය කොට විත්තිය පැමිණිල්ල කළ ” පිස්සු පූසාගේ ” කොමිසමත් ඒ අතර

ගෝඨාභය රාපක්ෂ හිටපු ජනාධිපතිවරයා තරම්, ජනාධිපති කොමිෂන් සභා, පරීක්ෂණ කොමිෂන් හා කාර්ය සාධක බලකා පිහිටු වූ වෙනත් ජනාධිපතිවරයෙකු මෙරට මෑත ඉතිහාසයේ නොමැති තරම්ය.

ගෝඨාභය රාජපක්ෂ මේවන විට බලයෙන් පහකර ඇත. එහෙත් ඔහුගේ අවුරුදු දෙකහමාරක ධුර කාලය තුළ ඔහු පිහිටු වූ ජනාධිපති කොමිෂන් සභාවලට මොකද වෙන්නේ? මේවන විට ඒ සම්බන්ධයෙන් ඇත්තේ සංවාදාත්මක තත්ත්වයකි.

ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ද අද (සැප්තැම්බර් 7 වැනිදා) පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ විමසා සිටියේ දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳවයි.

ගෝඨාභය රාජපක්ෂ පත් කළ කොමිෂන් සභා

  • දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ පරීක්ෂණ කොමිෂන් සභාව.
  • දේශපාලන පලිගැනීම් පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ දැක්වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව
  • එක රටක්, එක නීතියක් සඳහා වූ කාර්ය සාධක බලකාය
  • නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය
  • හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය
  • ආර්ථික පුනර්ජීවනය හා දරද්‍රතාවය තුරන් කිරිම සඳහා වන කාර්ය සාධක බලකාය
  • නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය
  • ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය
  • දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය
  • ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් එල්ලවන විවිද චෝදනා හා සිදුවෙතැයි සැලකෙන දුෂිත ක්‍රියා හා අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම හා පරීක්ෂා කිරීමේ ජනාධිපතිපරීක්ෂණ කොමිෂන් සභාව
  • මානව හිමිකම් උල්ලංඝණය වීමි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පුර්වගාමීව පත්කරන ලද කොමිෂන් සභාවන්හි හා කමිටුවල තීරණ ඇගයිම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව
  • නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය
  • කොවිඩ් – 19 ජාතික එන්නත්කරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය
  • සංවර්ධන ප්‍රමුඛතා සහ ස්වයං රැකියා හා පාරම්පරික වෘත්තීන්හි නියැලෙන කුඩා ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදා ගැනීම සහ ඒවා ලබා ගැනීමේ මුලාශ්‍ර හා ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය
  • ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය
  • සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය
  • නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය
  • හමුදා සාමාජිකයින් කොරෝනා වෛරසය ආසාදනයෙන් වළක්වා ගැනීම සඳහා සෑම හමුදාවක් විසින්ම ගත යුතු ක්‍රියා මාර්ග අධ්‍යයනය කර එකී පියවර පියවර ක්‍රියාත්මක කිරිම සඳහා උපදෙස් ලබා දීම පිණිස වන ජනාධිපති කාර්ය සාධක බලකාය
  • මාර්තු 31 සිට මැයි 15 දක්වා රටේ සිදුවූ ගිනි තැබීම් ඇතුළු විනාශකාරී ක්‍රියාවන් පිළිබඳ විමර්ශනය කිරීමේ පරීක්ෂණ කොමිෂන් සභාව
  • දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ පරීක්ෂණ කොමිෂන් සභාව

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතීත්වයෙන් යුතුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන්සභාව 2020 ජනවාරි මාසයේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබීය.

ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ මෙම කොමිසමේ නිර්දේශ සාධාරණ නොවන බවටත් සිය බලතල ඉක්මවා කොමිසම කටයුතු කර ඇති බවටත් සමාජයේ මතයක් ඇති වූ බවයි.

“මෙම කොමිෂන් සභාවේ නිර්දේශ කර තිබෙනවා දැනට වංචා දූෂණ පිළිබඳව පවරා ඇති නඩු ඉල්ලා අස්කර ගැනීමට, මෙම කොමිසම නිර්දේශ කර තිබෙනවා චෝදනාවට ලක්වූ අය නැවත සේවයේ පිහිටු වීමට, මෙම කොමිසම නිර්දේශ කර තිබෙනවා ඒ වගේම එම අයට වන්දි මුදල් ලබාදීමටත් මෙම කොමිසම නිර්දේශ කරලා තිබෙනවා.” පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේය.

අනුර කුමාර දිසානායක කියා සිටියේ “එය වංචාවේ, දූෂණයේ යෙදුන අයට අනුබලදීමක්. ඔවුන්ට එරෙහිව පවරා තිබූ නඩු ඉල්ලා අස්කර ගන්න, ඔවුන් නැවත සේවයේ පිහිටුවන්න, ඔවුන්ට වන්දි මුදල් දෙන්න, ඔවුන්ට උසස් වීම් දෙන්න විශාල නියෝග ගණනාවක් මේ වාර්තාවෙන් ඉදිරිපත් කර තිබුණා.”

ඔහු සඳහන් කළේ, පැමිණිලි සිද්ධ කරපු පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා දඬුවම් ලබාදෙන ලෙස කොමිසම නිර්දේශ කර ඇති බවයි.

“නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පුද්ගලයන්ට ඒ වගේම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර ඇතුළු එම ආයතන නිලධාරීන් ගණනාවකට, ඒ වගේම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් ඇතුළු නිලධාරීන් ගණනාවකටත් නඩු පවරන්න චෝදනා ගොනු කොට, ඒ විතරක් නෙමෙයි සිවිල් අයිතිවාසිකම්, ප්‍රජා අයිතිය අහෝසි කිරීමටත් මෙම කොමිසම මගින් නිර්දේශ කර තිබෙනවා.”

“ඒ පමණක් නෙවෙයි නඩු පැවරීම සඳහා කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් නවරත්න බණ්ඩාර නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර. ඒ වගේම අභාවප්‍රාප්ත තුසිත මුදලිගේ ඇතුළු මේ අයට සිවිල් අයිතිවාසිකම් අයින් කරන්නත් ඒ වගේම නඩු පවරන්න මෙමගින් නිර්දේශ කරලා තිබුණා.”

ධම්මික හේමපාල වැනි අධිකරණ විනිසුරුවරුන්ට දඩුවම් ලබා දීමටත් සිවිල් අයිතිවාසිකම් අහෝසි කරන්නත් නියෝග කර ඇතැයි අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේය.

ඒ වගේම මේ වාර්තාවෙන් වර්තමානයේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකට, දූෂණ විරෝධී ලේකම් කාර්යාලීය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නිලධාරී ආනන්ද විජේපාල ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගණනාවකට නඩු පමණක් නොව සිවිල් අයිතිවාසිකම් අහෝසි කිරීමටත් මෙම කමිටු වාර්තාවෙන් යෝජනා කර ඇතැයි ඔහු සඳහන් කළේය.

“මා ඇතුළු දේශපාලන නායකයන් ගණනාවකට චෝදනා ගොනු කරලා තියෙනවා. වංචා දූෂණ වලට පැමිණිලි කරපු ඒ සඳහා පරීක්ෂණ කිරීම සඳහා මා විවිධාකාරයෙන් කටයුතු කරලා තිබෙනවා. ඒ අයටත්, මේ උපාලි අබේරත්න කොමිසම මගින් මා ඇතුළු දේශපාලන නායකයන් ගණනාවකගෙන් සිවිල් අයිතිවාසිකම් අහෝසි කරන්න යෝජනා කරලා තිබෙනවා.”

“ඒ විතරක් නෙමේ රනිල් වික්‍රමසිංහත් හිටියා එකේ. වර්තමාන ජනාධිපති හිටපු ජනාධිපතිවරයාගේ කොමිෂන් සභා වාර්තාවෙන් චූදිතයෙක්. මතක තබා ගන්න. ඔහුගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කරන්න කියලා යෝජනා කරලා තිබුණා. ඔහුට නඩු පවරන්න කියලා යෝජනා කරලා තිබුණා. මේ උපාලි අබේරත්න කොමිෂන් වාර්තාවෙන්.”

“මේක සාමාන්‍යයෙන් අධිකරණ කේෂත්‍රයේ අය කියන්නේ ‘පිස්සු පූසාගේ’ කොමිෂන් සභා වාර්ථාව කියලා. ඒ වගේම තමයි මේ කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තවත් කොමිසමක් දැම්මා ප්‍රියන්ත ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ කොමිෂන් සභාව විසින් අපිට චෝදනා පත්‍ර භාර දුන්නා.” අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

තමා ඊට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළ බවත්, රවී විද්‍යාලංකාර, ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් ගණනාවක් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයෙන් නඩු ගොනු කර ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

“මේ තුළින් සිද්ධ වෙන්නේ අපේ රටේ නීතිය සම්පූර්ණයෙන්ම මුළුමනින්ම කනපිට හැරවීමක්. මේ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සහ එම නිර්දේශ සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? යන්නත් ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමක් ද? යන්නත් මේ සභාවනේ මා විමසන්න කැමතියි.” ඔහු අවධාරණය කළේය.

“නඩුවේදී නිශ්ශංක සේනාධිපති කූඩුවක් නඟලා ජනක බණ්ඩාර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුමා ප්‍රශ්න කරනවා. හැබැයි කොමිසමේ දී ජනක බණ්ඩාර කූඩුවට නග්ගලා නිශ්ශංක සේනාධිපතිගේ නීතිඥයා ප්‍රශ්න කරනවා.” ඔහු පෙන්වා දුන්නේය.

අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේ “උපාලි අබේරත්න පොලීසිය, අධිකරණය මේ සියල්ල තනි පුද්ගලයෙක් ලෙස බලය අරගෙන කමිටුව හැසිරු වූ බවටයි.

“නඩු 108ක් මාස කීපයකින් අහල තීන්දු දුන්නා. අධිකරණයකින් අඩුම වශයෙන් අවුරුදු දෙක තුන ගතවූ නඩු මාස කිහිපයක් ඇතුළත නඩු 108ක් ඇහුවා. මම ඉතාම වගකීමෙන් කියන්නේ සමහර පැමිණිලි, පැමිණිලි ලබාදිය යුතු දිනයට පසුව ලබා දුන් පැමිණිලිත් විභාග කළා.”

ස්වාධීන විමර්ශන ආයතන මුළුමනින්ම විනාශ කිරීම සඳහා උපාලි අභයරත්න කොමිසම කටයුතු කළ බවට ද ඔහු චෝදනා කළේය.

“උපාලි අබේරත්නගේ හැසිරීම අපි දැක්කා සමහර දේවල් කොමිෂන් සභා කාලය අවසාන් වුණාටත් පස්සෙ ඇමුණුම් එක් කළා. පාර්ලිමේන්තුවට වාර්තාව දැම්මට පස්සේ සමහරක් ඇමුණුම් එකතු කළා. උපාලි අබේරත්න ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් තිබ්බ විශ්වාසය සම්පූර්ණයෙන් කඩ කළා.”

මෙම කොමිෂන් සභා වාර්තාව පිළිගන්නවා නම් එක ඔබේ අයිතිය. හැබැයි මේක ප්‍රතික්ෂේප කරනවා නම් ඒ මගින් සමාජයටත් ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් උපාලි අබේරත්න සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සභානායකවරයාගෙන් දැනගන්න කැමතියි. අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එම කොමිෂන් සභාවන් 02ක් ප්‍රත්‍යාදුක්ෂ (අහෝසි කිරිම) කළ හැකි ද යන්න පිළිබඳව 2022 අගෝස්තු 25 වැනිදා ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයාගේ මතය විමසා ඇති බවයි.

ඒ අනුව අදාළ කොමිෂන් සභාවල අධිකාරිය හා නිල කාලය අවසන් නිසා එවා ප්‍රත්‍යාදුක්ෂ කිරිමට (අහොසි කිරීම) අවශ්‍ය නොවන බව දැනුම් දී ඇති බවත් දැනටමත් ඒවා අහෝසි වී ඇති බවත් නීතිපතිවරයාගේ මතය වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනරාත්න මෙහිදී කියා සිටියේ, “දැන් මේ ඔක්කොම කරලා අන්තිමට කියනවා මේක ඉවරයි කියලා. එතකොට දැන් මේකට වියදම් කරපු මුදල කොච්චරද කියන්න කෝටි. අපිට දැනුම් දෙන්න කෝටි ගාණක්. ඒ කෝටි ගාණ කාගෙන්ද අය කර ගන්නේ. අනාගතයට හෝ මේවගේ නොසන්ඩාල තීන්දු ගන්න, නොසන්ඩාල කොමිෂන් පත් කරන ඕනෑම රාජ්‍ය නායකයෙකුට හරි, එහෙම නැත්නම් වියදම් කරපු මුදල් ඒ ගොල්ලන්ගෙන් ගන්න ඕනේ. මේවා රාජ්‍ය මුදල්.”

© උපුටාගැනීම – BBC සිංහල

About The Author