රථවාහන ගිනි ගනී : ප්‍රදේශය යුධ පිටියක් වෙයි
රට තුළ මතුව තිබෙන අර්බුදය හමුවේ කුපිත වූ ජනතාව අද (31) පස්වරුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පිහිටි පුද්ගලික නිවස වට කිරීමට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් පොලිස් මාර්ග බාධක හමුවේ ඔවුන් පැඟිරිවත්ත මංසන්ධියේ නතර වී ඇති අතර දිගින් දිගටම තවදුරටත් විරෝධතාවය දැඩි කර තිබෙනවා.
මේ සඳහා ප්‍රදේශයේම ජනතාව එක් වී ඇති බවයි වාර්තා වන්නේ.
කුපිත වූ ජනතාව පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය, විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදා බලඇණි කිහිපයක්ද ස්ථානගත කර තිබුණා.
කෙසේ වෙතත් කලහකාරීව හැසිරුණු ජනතා පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් රථ එම ස්ථානයට ළඟාවන විට ජනතාව එම රථය ගල්මුල් ප්‍රහාරයක් දෙනු ලැබුවා.
අනතුරුව එම ස්ථානයේ ඇති වූයේ යුද පිටියක ස්වභාවයක්.
පොලිසිය සහ ජනතාව අතර උණුසුම් තත්වය නිර්මාණය වූයේ ඉන් අනතුරුවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට