තවත් පිරිසක් සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර
එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්රහණයෙන් පසු පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් පක්ෂයකට සහයෝග දැක්වීම නිසා නගර සභා පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් 130 දෙනෙකු ධූර වලින් නෙරපීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගත් බව එජාප මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පවසනවා.
මේ පිරිස අතරට මහනුවර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු තිදෙනෙකු ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හයක මන්ත්‍රීවරු 35 දෙනෙකු ද ඇතුලත්.
මහනුවර මහ නගර සභාව,හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව,ගම්පොළ නගර සභාව,උඩ පළාත ප්‍රාදේශීය සභාව,තෙල්දෙණිය ප්‍රාදේශීය සභාව සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරු ඊට ඇතුළත්.
එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්ව සමගි ජන බලවේගය පක්ෂයට සහාය පළ කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව විනය පරීක්ෂණ කැඳවා තිබුණා.


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට