රජය විසින්ගෙන ඒමට සැරසෙන ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්බන්ධයෙන් මැදගොඩ අබේතිස්ස හිමියන් සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය සංවිධානය කළ රැස්වීම BMICH පරිශ්‍රයේ අද (07) දින පැවැත්වෙනවා.
ඒ, කිසිඳු රැස්වීමක් පැවැත්වීම තහනම් බවට රජය විසින්ම ඊයේ දින නිවේදනය කළ පසුබිමකයි.
මෙරට කොවිඩ් මරණ ප්‍රමාණය දිනපතා ඉහළ අගයක පවතින පසුබිමක, පවතින වසංගත තත්වය හෝ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා අනීතිකව මෙවැනි දෑ සිදුකිරීම සම්බන්ධයෙන් සමාජයෙන් එල්ල වන්නේ දැඩි දෝෂාරෝපණයක්.
මෙහි ඇති අනෙක් බරපතලම කරුණ වන්නේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ද මෙම ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්බන්ධ කතිකාවත මේ මොහොතේ නොපැවැත්විය යුතු බවට හා එය බුදු දහමට අගතියක් විය හැකි බව දන්වා තිබියදී මෙම රැස්වීම පැවැත්වීමයි.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා විසින් කොළඹ නගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුනි මහතාව දැනුවත් කරමින් ලිපියක් ද යොමුකර තිබෙනවා.
වෛද්‍ය රුවන් විජයමුනි,
ප්‍රධාන වෛද්‍ය නිලධාරි,
කොළඹ නගරසභාව,
කොවිඩ්-19 අවධානම ඉහළයාම හේතුවෙන් රජයේ සියලුම රැස්වීම්/ උත්සව (functions)සැප්තැම්බරය 1 දක්වා කල්දැමීමට කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කර තිබියදී බෞද්ධ කටයුතු අමාත්‍යාංශ විසින් ත්‍රිපිටක සංරක්ෂණ පණත් කෙටුම්පතට අදහස් ලබාගැනීම සදහා විශාල පිරිසක ගේ සහභාගිත්වයෙන් අද දින (7) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ රැස්වීමක් සංවිධානය කර ඇත. කොවිඩ් අවධානම හේතුවෙන් මෙම රැස්වීම කල්දැමීමට මහානායක හිමිවරුන් ද ඉල්ලීමක් කර තිබෙන පසුබිම දැඩි අවධානම් සහගත මෙම රැස්වීම පැවැත්වීම රජයේ නියෝගයන්ට අනුකූලව කල්දැමීමට නියෝග කරන ලෙස ඉල්ලමි.
ආචාර්ය රංග කලන්සූරිය
හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්




අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට