වෘත්තීය සමිති 1000ක් සටනේ
රට තුල පවතින අර්බුදයන්ට හා ආණ්ඩුවට විරෝධය පළකරමින් හෙට (28) දිනයේ “සමස්ත මහා වැඩවර්ජනය” නමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ජාතික වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය පවසා තිබෙනවා.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ක්ෂේත්‍ර සියල්ල ඒකාබද්ධව එම එක් දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මෙම වැඩවර්ජනයෙන් පසු මැයි 06 වනදා හර්තාලයක් කැදවා ඇති බවත්, හෙට දින පැවැත්වෙන වැඩවර්ජනයට පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති හැර සෙසු සියලුම වෘත්තිය සමිති එකගතාවය පළකර ඇති බව වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.
සෞඛ්‍ය , වරාය , විදුලිය , අධ්‍යාපන , තැපැල් ඇතුලු ක්ෂේත්‍ර රැසක වෘත්තීය මෙලෙස වර්ජනයේ නිරත වන්නේ ජනාධිපතිවරයාට සහ වත්මන් රජයට ඉල්ලා අස්වන්නැයි බල කරමිනුයි.
මෙම එක්දින වැඩවර්ජනයට එක්වන ප්‍රධාන සංගම් කිහිපයක් පහතින්
ලංකා වෙළඳ කාර්මික හා පොදු වෙළඳ සංගමය
ලංකා බැංකු සේවක සංගමය
ලංකා ගුරු සංගමය
රජයේ එක්සත් කළමනාකරණ සහකාර සංගමය
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය
ජනරජ සෞඛ්‍ය සේවා සංගමය
අන්තර් සමාගම් සේවක සංගමය
කම්කරු අරගල මධ්‍යස්ථානය
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
ස්වාධීන වරාය සේවක සංගමය
ලංකා වතු සේවා සංගමය
ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමය
රක්ෂණ සේවක එකමුතුව
නිදහස් වෘත්තීය සමිති සන්ධානය
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව
එක්සත් පොදු සේවක සංගමය
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
තැපැල් රියදුරු සංගමය
සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපති සංගමය
ලංකා වැවිලි සේවා සංගමය
ජාතික පොදු සේවක සංගමය
වරාය ලිපිකරු සංගමය
සමස්ත ලංකා හාබර් ඩොක් කම්කරු සංගමය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සැලසුම් ලිපිකරුවන්ගේ සංගමය
ටග් යාත්‍රා ස්වාධීන සේවක සංගමය
දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව
ලංකා විදුලි පොදු සේවක සංගමය
ලංවිම නව සේවක සංගමය
සමස්ත ලංකා එක්සත් සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය
ඒකාබද්ධ ජල සම්පාදන සේවා සංගමය
ගොවි හඬ ජාතික ව්‍යාපාරය
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය
රජයේ කර්මාන්තශාලා යාන්ත්‍රික අධිකාරී සංගමය
රාජ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ ජාතික එකමුතුව
ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය
ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය
රජයේ කළමනාකරණ සේවා නිලධාරී සංගමය
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය
සමස්ත ලංකා එකමුතු අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි