Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මධ්‍යම අධිවේගේ වැඩ ප්‍රමාද කළැයි හිටපු ඇමති දයාගේ සමාගමේ කොන්ත්‍රාත්තුව ගලවයි – රජය විසින් ගෙවිය යුතු බිලියන 3ක් මෙතෙක් ගෙවා නැතැයි සමාගම් වලින් චෝදනාවක්

මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාද කළ බවට චෝදනා නගමින් ⁣යහපාලන රජයේ හිටපු ඇමති දයා ගමගේ මහතාට අයත් ඔලිම්පස් ඉදිකිරීම සමාගමේ කොන්ත්‍රාත්තුව කැබිනට් මණ්ඩලය විසින් අවලංගු කර ඇති බව වර්තාවනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සිදුකළ අදාළ ඔලිම්පස් ( olympus ) ඉදිකිරීම් සමාගමේ කොන්ත්‍රාත්තුව ඒ අනුව අවසන් කළ බවයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.

ඔලිම්පස් (Olympus) කොන්ත්‍රාත් සමාගමට අයත් මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අවස්ථා කිහිපයකදීම එම සමාගමට අවවාද කළත් දිගින් දිගටම ඔවුන් විසින් අදාළ ඉදිකිරීම් ප්‍රමාද කිරීම හේතුවෙන් කැබිනට් රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර මෙම තීරණය ගත් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මාර්ග ඉදිකිරීම සදහා අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දී තිබියදීත් ඔවුන්ගේ ඉදිකිරීම්වල ප්‍රමාදය නිසා සැළසුම් කළ දිනට මෙම අධිවේගී මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමට නොහැකි වූ බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

ආණ්ඩුව කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 3ක් ගෙවා නැති බවට එම පාර්ශවයෙන් චෝදනාවක්

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා වගකිව යුතු පාර්ශව සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ අතර එහිදී අනාවරණය වුයේ මෙම ව්‍යාපෘතිය සඳහා ආන්දෝලනාත්මක olympus ඉදිකිරීම් සමාගමට අමතරව අදාළ මාර්ග කොටස ඉදි කිරීම සඳහා තවත් දේශීය කොන්ත්‍රාත්කරුවන් තුන්දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි.

ඒ අනුව මෙතෙක් සිදු කරන ලද ඉදිකිරීම් වලට අදාලව රුපියල් බිලියන 3ක මුදලක් රජය විසින් අදාළ කොන්ත්‍රාත් සමාගම් වෙත ගෙවිය යුතු බවත් මේ දක්වා එම මුදල ගෙවීමට රජය කටයුතු කර නොමැති බවත් වාර්තා වුණා.

About The Author