මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය වීම සහ බාලවයස්කරුවන් අතට පත් නොවීමට වග බලාගන්නා ලෙස දැනුම් දෙයි
සැර එකෙන් ලීටර 5ක් හෝ අනෙක්වායින් ලීටර 12ක් එකවර මිලදී ගැනීමේ අවස්ථාව
සුපිරි වෙලෙදසැල් මගින් මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යටතේ ඇති මුදල් අමාත්‍යාංශය විසින් අවසර ලබා දී ඇති බවත් එලෙස අවසර ලබා දී ඇත්තේ කොන්දේසි කිහිපයකට යටත්ව බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා සඳහන් කළා.
මේ වන විට සංචරණ සීමා පනවා ඇති හෙයින් ඔන්ලයින් ක්‍රමවේදය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා පළමුව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය ලබා ගැනීම පළමුව සිදුකළ යුතුව ඇති බව කියා සිටි ඒ මහතා ඔන්ලයින් ක්‍රමය හරහා මත්පැන් අලෙවි කිරීමේදී කිසිදු අයුරකින් ප්‍රචාරණයක් සිදු කිරීම තහනම් බවත්, මත්පැන් අලෙවි කිරීමේ දී එය සිදුකරන්නේ අවුරුදු 21කට වැඩි පාරිභෝගිකයින්ට බව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම සිදුකළ යුතු බවත් කියා සිටියා.
මෙම වැඩපිළිවෙල සඳහා මේවන විටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය අපේක්ෂා කරමින් අදාළ ලිපි යොමුකර ඇති බවත් එම අනුමැතිය අද දින ලැබුණහොත් හෙට සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියා.
කෙසේවෙතත් මෙම වැඩපිළිවෙල අනුව පරණ කරන ලද මත්පැන් කාණ්ඩයට අයත් දේශීය සහ විදේශීය මත්පැන් ලීටර් 5ක් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිවන අතර පැසවන ලද මත්පැන් කාණ්ඩයට ගැනෙනා බීර, රා, වයින්, සකේ ආදිය ලීටර් 12කුත් වරකට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන බවයි පැවසෙන්නේ.
අදාළ ජාලගත ක්‍රමවේදයට අනුව අවසර හිමිවන ආයතනවලට අදාළ කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් අලෙවිහලක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති බලපත්‍රයේ කොන්දේසි අනුව සිදුකළ හැකියි.
ඒ අනුව මත්පැන්හල විවෘත කර තැබෙන කාලසීමාව වන උදෑසන 09 සිට සවස 06 දක්වා කාලය තුල පමණක් අදාළ ජාලගත වෙළඳාම් කටයුතු සිදුකළ යුතු වනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට