Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මට නම් යන්න බෑ සිරිපාල නිදි බිඳී : නිදහස් පක්ෂයේත් දුමක් නගී

සිරිසේන දෙවන පෙළට බෝලය පාස් කරයි : වෙල්ගමත් පසෙකින් සලුවෙයි

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කල පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ද එම ධුරවලින් ඉවත් විය යුතු යැයි සාකච්ඡාවක් එම පක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වී තිබෙනවා.

නමුත් එහිදී තමන් දරන කම්කරු අමාත්‍ය ධුරයෙන් ඉවත්වීම නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රතික්ෂේප කර ඇතැයිද දැනගන්නට ඇත.

ඇමති තනතුරු දරනවා ද නැද්ද යන්න පිළිබඳව නිල සාකච්ඡාවක් මෙතෙක් එම පක්ෂය තුළ සිදු වී නැත.

කෙසේ නමුත් මහින්ද අමරවීර මහතා තමන් දරන අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට එකඟතාවය පල කර තිබෙනවා.

මෑතක දී පැවති සමුළුවකදී පක්ෂ මහ ලේකම්වරයා ද කියා සිටියේ මධ්‍යම කාරක සභාව විසින් නියම කරන ඕනෑම මොහොතක සියලු තනතුරු අතහැර ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බවයි.

මේ අතර මතුව ඇති අර්බුදය පිළිබඳ අදහස් දැක්වීම සඳහා අද පෙරවරුවේ සංවිධානය කර තිබු මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානතම මට්ටමේ වගකිවයුතු නිලධාරීන් කිසිවෙකු සම්බන්ධ වී නොතිබීමද විශේෂත්වයක් වුණා.

පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා එම අවස්ථාව සඳහා පක්ෂයේ දෙවන පෙළ නියෝජිතයෙකු යොමු කරන ලෙස උපදෙස් ලබා දී තිබු බවද වාර්තාවනවා.

කෙසේවෙතත් මතුව ඇති නව වාතාවරණය තුළ ‍ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයෙහි යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

යම් ආකාරයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි දෙකඩ වීමක් සිදුවුවහොත් ඉන් විශාල පිරිසක් කුමාර වෙල්ගම මහතා විසින් ලියාපදිංචි කර ඇති නව දේශපාලන පක්ෂය සමඟ ඉදිරියට කටයුතු කරනු ඇති බවට ද දේශපාලන අභ්‍යන්තර තොරතුරු වාර්තා කරනවා.

About The Author