කබ්රාල් ට ඉතිරි මෙහෙයුම් කාමරය විතරයි
තමන් දරන රාජ්‍ය අමාත්‍යාංශයෙන් කොටසක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතට පත් කිරීම පිලිබදව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් ලියා ඇති බව සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කරනවා.
එහි පිටපත් තුනක් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ටද යොමු කර ඇති කබ්රාල් මහතා පවසා තිබෙන්නේ තමන් අමාත්‍ය ධුරය දැරූ රාජ්‍ය අමාත්‍යාංශයෙන් කොටසක් කැබිනට් අමාත්‍යාංශයක් වීම පිළිබඳ තමා සතුටු වන බවයි.
එහෙත් එයට අයත්ව තිබු ‘මෙහෙයුම් කාමරය’ පමණක් පවරා ගෙන නොමැති බවත් එය අතපසුවීමකින් සිදුවිය හැකි එකක් නිසා එයද නව අමාත්‍යවරයාට පවරා දෙන ලෙසත් කබ්රාල් මහතා එමගින් දැනුම් දී තිබෙනවා.
පසුගියදා සිදුකළ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ලබා දුන් නව අමාත්‍ය ධුරය යටතට අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් දරන ලද ව්‍යාප්ති අධීක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ කොටසක් පවරා දී තිබුණා.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී