අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන “මේන් චිෆ් 5” මගී ප්‍රවාහන නෞකාව මගීන් 2014 ක් සහ කාර්යමණ්ඩල නිලධාරීන් 922 ක් රැගෙන අද (29) උදෑසන 6.30 ට කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත සේන්දු වූ බව හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා පැවසුවේය.
2016 වසරේ නිපදවා ඇති නෞකාව දිගින් මීටර 295 ක් වන අතර මගීන් 2500 කට පහසුකම් සැපයිය හැක. “මේන් චිෆ් 5” නෞකාව අද රාත්‍රියේ හම්බන්තොට වරාය බලා පිටත් වන බව නිර්මාල් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
“මේන් චිෆ් 5” හෙට (30) හම්බන්තොට වරායෙන් නැවත වරක් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට ගමන් ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
“මේන් චිෆ් 5” අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙයයි.
නෞකාවේ විශාලත්වය හේතුවෙන් මගී පර්යන්තයට පැමිණිය නොහැකි වීම හේතුවෙන් නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත පැමිණෙන බව හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !