චීනයේ Belt and Road Initiative හෙවත් එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට ඇෆ්ගනිස්තානයද සම්බන්ධ කර ගැනීමට තීරණය කර ඇති බව වාර්තවනවා.
ඇෆ්ගනිස්තාන සහ පකිස්තාන විදේශ අමාත්‍යවරැන් සමග පැවති ත්‍රෛයිපාර්ශවික වීඩියෝ සාකච්ඡාවකදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙම පිළිබද අදහස් පළකර තිබේ.
ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකානු හමුදා ඉවත්කර ගැනීමෙන් අනතුරැව එරට ජනතාවට සැබෑ ලෙසම තම පාලනයක් පවත්වාගෙනයාමට හැකිවනු ඇති බවත් ඒ සදහා වන සහයෝගය ලබාදීමට තම රට සූදානම් බවත් චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
එහිදී එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට ඇෆ්ගනිස්තානද සම්බන්ධ කර ගැනීමටත් ඒ සදහා රටවල් තුනෙහිම විදේශ අමාත්‍යවරැන්ගෙන් සමන්විත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටත් මෙහිදී එකගතාවය පළවී ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර South China Morning Post පුවත්පත වාර්තා කර ඇත්තේ ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමත් සමග චීනයට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව ගැටලු මතුවීමේ ඉඩක් ඇති බවයි.
ඒ ඇෆ්ගනිස්තානයට මායිම් වූ චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ වෙසෙන උයිගර් ජන කණ්ඩායම් චීනය සමග විවිධ අර්බුදවලට මැදිව සිටින අතර ඔවුන් සහ ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත කණ්ඩායම් අතර සබදතා වර්ධනය වීමේ අවදානමක් පවතින බවද අවධානයට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සම්බන්ධතා පිළිබඳ ඇමරිකාවේ මැදිහත් වීම අතිශය තීරණාත්මක තත්වයක් නිර්මාණය වීම සඳහා බලපානු ඇති බවටද ජාත්‍යන්තරය තුළ කතා බහක් නිර්මාණය වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්