භික්ෂුන් වහන්සේ සම්බන්ධ ආරාමික සහ ධර්ම විනය ගැටළු සම්බන්ධ අවසන් තීරණ ගැනීමේ බලය භික්ෂුන් වහන්සේ වෙත ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන අනුව කටයුතු කිරීම සඳහා අවශ්‍ය විධි විධාන සලසා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් සිදු කරමින් පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ලිපියක් යොමු කර තිබෙනවා.
එමගින් උන්වහන්සේ වැඩි දුරටත් පෙන්වා දෙන්නේ වර්තමානයේ පවතින අධිකරණ ක්‍රියාවලිය තුළ භික්ෂුන් වහන්සේ බරපතල අපහසුතාවන් රැසකට මුහුණ දෙන බවයි.
විනයානු කූල නොවන තීරණ පිළිගැනීමට මෙන්ම විශාල මුදලක් වැය කිරීමට සිදුවීමද තවත් ගැටළුවක් බවයි උන්වහන්සේ සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ.
අදාළ ලිපිය පහළින්..

මේ අතර භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීම සම්බන්ධයෙන් පසුගිය රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් පිළිබඳව පුජ්‍ය දඹර අමිල හිමියන් අදහස් පළකලා.
අප සමග විශේෂ සාකච්ඡාවකට එක වූ උන්වහන්සේ සඳහන් කළේ අදාළ අධිකරණ පද්ධතිය නිර්මාණය කිරීමට යාමේදී මහා නාහිමිවරු එයට විරුද්ධ වූ බවයි.
දැනට පවතින සිවිල් සහ අපරාධ නිතිය යටතේ ඇතැම් භික්ෂුන්ගේ සාසන විරෝධී ක්‍රියාවන් පාලනය කළ නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්නේ නිදසුන් කිහිපයක් ද ගෙන හැර දක්වමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට