Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

භාතිය_සන්තුෂ් හොරකමක, මහාචාර්ය සුනිල් ආරියරත්නට සහ රෝහණ වීරසිංහට මාට්ටු වෙලා

බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කරමින් නිර්මාණ කොල්ලයක නිරත වී ඇති බවට භාතිය_සන්තුෂ් දෙපළට එරෙහිව චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ඒ මෙරට ප්‍රවීණ ගීත රචකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුද වන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගෙන් සහ කීර්තිධර සංගීතවේදී රෝහණ වීරසිංහ මහතාගෙන්.

ජනප්‍රිය ගායක දෙපලක් වන භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් යන අය තමන්ගේ නිර්මාණයක් කිසිදු අවසරයකින් තොරව වාණිජ කටුයුත්තක් සදහා යොදාගෙන ඇති බවට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා පවසනවා.

ඔවුන් සදහන් කරන්නේ ජැක්සන් ඇන්තනී මහතාගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයක් මෙලෙස භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් සම්බන්ද සමාගමක් විසින් යොදාගෙන බරපතල බුද්ධිමය දේපල පැහැරගැනීමේ වරදක් සිදුකර ඇති බවයි.

මේ පිළිබදව ගායක ගායිකාවන්ගේ සංගමය වන ඔස්කා සංවිධානයටද ඔවුන් පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව භාතිය හා සන්තුෂ් තමන් හමුවේත් ඔස්කා සංවිධානයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා හමුවේත් වරද පිළිගෙන ඇති අතර ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් රුපියල් මිලියනයක වන්දියක්ද රෝහන වීරසිංහ මහතා සහ සුනිල් ආරියරත්න මහතා ඉල්ලා ඇතිබවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් භාතිය හා සන්තුෂ් අදාල මුදල නොගෙවා එය හෙට්ටු කරමින් පිළිගත නොහැකි කරුණු ඉදිරිපත් කළ බවයි ඔවුන් සදහන් කරන්නේ.

මේ පිළිබදව ඔස්කා සංවිධානයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා දියාරු ස්වභාවයක කටයුතු කරන බැවින් තමන්ද අධ්‍යක්ෂක ධූර දරන ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂක ධූරවලින් ඉල්ලා අස්වන බවට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ආචාර්ය රෝහන වීරසිංහ මහතා ලිපියක් මගින් ඔස්කා සංවිධානය වෙත දැනුම්දී තිබෙනවා.

අදාළ ලිපිය පහලින්..

About The Author