Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බෝතලයේ අඩංගුව එහා මෙහා කර පරණ පඩංගුව අලුත් කිරීමට යයි

ඇමති බැසිල් ලංකාවට : ඇමැතිධූර හයක් වෙනස් වෙයි?

කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් ඉදිරි දිනවල සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.

මේ යටතේ ප්‍රබල ඇමැති ධුර හයක පමණ වෙනස්වීම් සිදු වනු ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ ඇමතිධූරවලද කිසියම් වෙනසක් සිදු කෙරෙනු ඇතැයි දැනගන්නට තිබෙනවා.

මෙයට අමතරව කාර්ය සාධනය දුර්වල රජයේ ප්‍රධාන පෙළේ ආයතන අටක මුල් පුටුද ඉදිරියේදී වෙනස් කෙරෙන බවත් නව වසරේ අලුත් ගමනක් ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මෙම සංශෝධන සිදු කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් පැවසෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමත් සමඟ මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ඔහු අද දිවයිනට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

නව වසරේ නව වෙනස්කම් සමග අලූත් ගමනක් ආරම්භ කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේදී ඉල්ලීම් කර ඇති අතර ආණ්ඩුව රට තුළ දැඩි ජනතා අප්‍රසාදයකට පත්වීම හේතුවෙන් කුමන හෝ අයුරකින් ජනතා ප්‍රසාදය දිනා ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවයි වාර්තාවන්නේ.

© මුලාශ්‍රය – ලංකාදීප

About The Author