Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“බෝකුන්දර ආර්ථිකේ” කොවිඩ්

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකු සඳහා සිදුකළ PCR පරීක්ෂණයක ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඉන් 10දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව අද (04) පස්වරුවේ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථනය වසා දැමීමට පියවර ගැනුණා.

දින 04 ක කාලයක් සඳහා මෙලෙස ආර්ථික මධ්‍යස්ථනය වසා දමා තිබෙනවා.

ඒ අනුව ලබන සඳුදා වන විට ආර්ථික මධ්‍යස්ථාන විෂබීජානුහරණය කිරීමෙන් පසු විවෘත කිරීමට නියමිත අතර මධ්‍යස්ථානයේ සියලු වෙළෙන්දන් සඳහා ද පී.සී.ආර් පරීක්ෂණ හෙට(05) දිනයේදී සිදු කිරීමටද සැලසුම් කර තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ වෙළෙන්ඳන් අතර එළවළු, පලතුරු සහ විවිධ වෙළදාමේ යෙදෙන පුද්ගලයන් කිහිප දෙනෙකුම සිටි බවට වාර්තා වන අතර සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ පසුගිය දිනවල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථනය සමග ගණුදෙනු කළ ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වියයුතු බවයි.

About The Author