සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව වාර්තාවනවා.
බොර තෙල් මිලදීගැනීමට ඩොලර් නොමැති වීම මීට හේතුවයි.
පසුගිය මාසයේද මේ ආකාරයෙන් පිරිපහදු සංකීර්ණය වසා දැමුනා.
කෙසේ වෙතත් තෙල් පිරිපහදු කිරීම වෙනුවට පිරිපහදු කරන ලද තෙල් විවිධ මට්ටමේ සාකච්ඡා සහ එකඟතා මත ලබා ගැනීමට රජය පියවර ගෙන ඇති බවත් මේ හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති නොවනු ඇති බවටත් බලශක්ති අමාත්‍යංශ නිලධාරියෙකු අප සමඟ සඳහන් කළා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට