එජාප මහලේකම් ආණ්ඩුවට කියයි
මෙවර සමරන 74 වන නිදහස් දින සැමරුම් උත්සවය රටේ වර්තමානයේ පවත්නා ආර්ථික සහ සෞඛ්‍ය තත්වයන් පිලිබඳ අවදානය යොමු කොට ඉතා චාම් අයුරින් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
ඔහු අවධාරණය කරන්නේ නිදහස් උත්සවයේ අභිමානය ආරක්ෂා කරනවා සේම බොරු සෝබන වියදම් සියල්ල ඉවත් කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.
ජාතියක නිදහස උරුම කිරීම වෙනුවෙන් කැපවුණු දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය සතුටට පත් වුවද වර්තමානයේ පවතින ආර්ථික සහ සෞඛ්‍ය අර්බුදය හමුවේ කණගාටුවට පත්වන බවද සඳහන් කළා.
වර්තමානයේ රටේ සෞඛ්‍ය සහ ආර්ථිකය පණ අදිමින් ඇති බවත් එය මියැදෙන මොහොත මෙය යැයි කීමට කිසිවෙකුට නොහැකි බවත් ඔහු පවසනවා.
එවැනි පසුබිමක් තුළ ආර්ථිකය සහ සෞඛ්‍ය ආරක්ෂා කරමින් කටයුතු කළ යුතු රජය ජනතාව ඒකාරාශී වීම් වැළක්වීම සඳහා ද රජය කටයුතු කළ යුතු බවද සඳහන් කළා.
නිදහස් දින උළෙල කොරෝනා ව්‍යාප්ත කරන කටයුත්තක් නොවිය යුතු බවද ඔහු අවධාරණය කළේ පසුගියදා සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි