Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බොරු දේශපාලන විගඩම් එපා, රටට යුතුකම ඉටු කරන්න – විපක්ෂ නායකවරයා ආණ්ඩුවට කියයි

බොරු නාඩගම් සහ විගඩම් පෙන්වමින් රටේ ජනතව නොමග යැවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොලකරුවන් ජනතාවට වසන් කරමින් ආණ්ඩුව ජනතාව මුලා කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ඒ වෙනුවෙන් විවිධ මාතෘකා නිර්මාණය කරමින් ජනතා අවධානය වෙනතක යොමු කිරීමට රජය කටයුතු කරන බව පෙන්වා දුන් ප්‍රේමදාස මහතා යාපනය නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ සිදුවීද ආණ්ඩුවද එවැන්නක් බවද පෙන්වා දුන්නා.

අදාළ නගරාධිපතිවරයා ත්‍රස්තවාදියෙක් බවට පත් කොට ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා ඔහ සම්බන්ධයෙන් අනුගමනය කල පිළිවෙත් සම්බන්ධයෙන් ද සිය විරෝධය පලකළා.

About The Author