උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ හෙට (22) වනවිට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වල නොයෙදන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අඩු පීඩන තත්ත්වය 23 වනදා වනවිට පීඩන අවපාතයක් දක්වාත් මැයි 24 වනදා වන විට සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමෙන් හැකියාව ඇති බවයි.
එම පද්ධතිය වයඹ දිශාවට ගමන්කර මැයි 26 වනදා වනවිට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව එම නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.
එම කාලය තුළදී, කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා මුහුදු ප්‍රදේශ සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ රළු විය හැකිය.
එමෙන්ම මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු තීරයේ අවට වසිඅතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙනවා.




අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට