Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බේත් ගන්නත් සල්ලි නෑ : සෞඛ්‍ය අමාත්‍යංශය නිල වශයෙන් සම්මාදමේ යයි

ඖෂධ මිලදී ගැනීම සඳහා නිල වශයෙන් මුදල් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇති අතර ඖෂධ මිලදී ගැනීම සඳහා සම්මාදමේ යාමට අමාත්‍යාංශය නිල වශයෙන් පියවර ගෙන තිබෙනවා.

ඒ ඩොලර් තැන්පත් කළ හැකි නව ගිණුමක් හඳුන්වා දෙමින්.

ඖෂධ ආනයනය සඳහා විදේශ ආධාර ගැනීම එම ගිණුම නිර්මාණය කිරීමේ අරමුණයි.

අදාල ගිණුම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට ‍මුදල් අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රදානයන් සහ ප්‍රදානයන් ආශ්‍රිත කටයුතු පිළිබඳ සම්බන්ධිකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි පවසන්නේ.

මෙරටට ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රදානය කිරීමට කැමැත්තක් දක්වන විදේශතව සිටින ශ්‍රි ලාංකිකයින්ට සහ වෙනත් ඕනෑම පාර්ශවයට මෙම නව ගිණුම වෙත ඩොලර් යොමු කළ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසනවා.

ඉන්දියාව, බංග්ලාදේශය,ඉන්දුනිසීයාව, තායිලන්තය,චීනය, සිංගප්පුරුව ඇතුලු රටවල් සමග මෙරටට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා මේ වන විට සාකච්ජා ආරම්භ කර ඇති බවයි ඔහු පවසන්නේ.

මීට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යනතර රතු කුරුස සංවිධානය සමගද සාකච්ජා ආරම්භ කර තිබෙනවා.

විදෙස් ගත ශ්‍රමිකයින්ගේ ආධාර මුදල් එක්රැස් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාශය බලාපොරොත්තුවන බවයි වාර්තාවන්නේ.

About The Author