Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බේකරි දොරවල් දහක් වසා : පාන් ගෙඩිය පා වෙලා ගියා

ඉන්ධන සහ ගෑස් හිඟය කර මුලටම හිරවෙලා

වෙළඳපොලේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා, බේකරි ඇතුලු ක්‍ෂේත්‍ර රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් අද වනවිට බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව ද සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කළා.

අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් හිගය සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් මෙම තත්වයක් හටගෙන ඇති බවයි.

ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම ද බේකරි කටයුතු පවත්වාගෙන යාමට බරපතළ ගැටලුවක් වී තිබෙනවා.

“මේ විදිහට යනකොට ඉදිරියේදී මම හිතන්නේ පාන් ගෙඩිය රුපියල් 100කම් පනිනවා අනිවාර්යෙන්ම. පාන්ගෙඩිය රුපියල් 100න් ඉහළ යනවා. 100 නෙමෙයි 150ට යන්නේ නැතුව නැවතුනොත් ඇති. මේ තියෙන බඩු ගණන් අරවා මේවා සේරම ප්‍රශ්නත් එක්ක අන්වාර්යෙන්ම පාන් ගෙඩියක් රුපියල් 100ට වැඩියෙන් විකුණන් වෙනවා. 100 අඩුවෙන් විකුණවානම් ඒ නියමිත බර තියෙන පාන් ගෙඩියක් නෙමෙයි“

යනුවෙන්ද ඔහු සඳහන් කිරීම විශේෂත්වයක්.

About The Author