Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බෙලිඅත්තේ වෙඩි වැස්සට ඥානසාර සහ රතන හිමිවරුන්ගේ පක්ෂයේ නායකයාත් අහුවෙලා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී කිසියම් පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඩිෆන්ඩර් වර්ගයේ රථයක් ඉලක්ක කර ඇති මෙම වෙඩි තැබීමෙන් එම ස්ථානයේදී සිවු දෙනෙකු මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා රෝහලට රැගෙන යන අතර තුර මිය ගොස් ඇති බව වාර්තවනවා.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් බවයි පැවසෙන්නේ.

අධිවේගී පිවිසුම ආසන්නයේම පිහිටි වෙළෙඳ සැලක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු තුනක් වෙළඳ සැල තුළ ස්ථාන කිහිපයකත් තවත් පුද්ගලයෙකුගේ සිරුරක් වාහනයේත්වැටී තිබු බවද වාර්තවනවා.

වෙඩි තැබීමට ලක් වූ ජීප් රථයේ අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ද සිට ඇති බවද සඳහන්.

සමන් පෙරේරා මහතා ගේ නායකත්වය යටතේ 2020 මහමැතිවරණය සඳහා අතුරලියේ රතන, ගලගොඩ අත්තේ ඥානසාර සහ වේදිනිගම විමලතිස්ස යන හිමිවරුන් ඉදිරිපත් වූ අතර හිමිවූ මන්ත්‍රී ආසනය සඳහා අතුරලියේ රත්න හිමි පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නා.

About The Author