ශ්‍රී ලංකාව තුල බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් තබා තිබෙනවා.
මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරන්නේ තමන් ඊයේ දිනයේ දී (12) එම කැබිනට් පත්‍රිකාවට අත්සන් තැබූ බවයි.
ඒ අනුව එළඹෙන කැබිනට් රැස්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කිරීමට නියමිතව තිබෙන අතර එහිදී එම යෝජනාව සලකා බැලීමට නියමිතයි.
බුර්කාව වැනි මුහුණු ආවරණ මෙරට තුළ තහනම් කළ යුතු බව 2020 වසරේ පෙබරවාරි මාසයේදී ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ද පාර්ලිමේන්තුවට යෝජනා කර තිබුණා.
මුස්ලිම් කාන්තාවගේ මුහුණු ආවරණ කෙරෙන බුර්කාව සහ නිකාබ් ඇඳුම් මැදපෙරදිග මුල් කරගනිමින් නිර්මාණය වූ බව ඉතිහාසයේ සඳහන්.
වැලි සුළං ගහණ කාන්තාර ප්‍රදේශ මැදපෙරදිග වැඩි වශයෙන් පැවතීම නිසා එම කාන්තාවන් මෙලෙස මුහුණු ආවරණ සහිත ඇඳුම් භාවිතයට පෙළඹුණු නමුත් ඉන් වෙනස්ම දේශගුණික රටාවක් පවතින රටවල් රැසක වෙසෙන මුස්ලිම් කාන්තාවන් බුර්කාව ඇතුළු මුහුණු ආවරණ පැළඳිම සිදු කරන අතර වර්තමානය වන විට එහි වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇති බවද පෙනෙන්නට තිබෙනවා.
බුර්කාව පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් යොමුවූයේ පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු දින ප්‍රහාරයත් සමඟයි.
ඊට අමතරව මමාස්මි නමින් ප්‍රකට මුස්ලිම් ජාතික පාතාල නායකයා සමගද බුර්කාව පිළිබඳ සංවාදයක් මතු වුයේ ඔහු අපරාධ ක්‍රියා සඳහා සම්බන්ධ වීමේදී අනන්‍යතාවය වසන් කිරීම සඳහා බුර්කා භාවිතය සිදු කිරීම හේතුවෙන්.
මීට අමතරව බුර්කාවෙන් සැරසී පැමිණ සිදුකළ බැංකු මංකොල්ල කෑම් කිහිපයක්ද පසුගිය කාලයේ වාර්තා වී තිබෙනවා.
ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් පසු නිකාබ් සහ බුර්කාව වැනි මුහුණු ආවරණ මෙරට තුළ තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් ඉකුත් 2019 වසරේ අප්‍රේල් 29 වැනිදා නිකුත් කෙරුණු අතර එවැනි ඇඳුම් පැළද වෙළඳසැල් තුළට, පොදු ස්ථානවලට මෙන්ම ප්‍රවාහන සේවා වලටද ඇතුළුවීම තහනම් කරනු ලැබුවා.
කෙසේ වෙතත් අදාළ තහනම 2019 සැප්තැම්බර් 21 වැනිදා ඉවත්ව යන්නේ, හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ඉවත් කිරීමෙන් පසුවයි.
නමුත් බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.
මේ වන විටත් ප්‍රංශය, ඩෙන්මාර්කය, බෙල්ජියම, ඕස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා රටවල් 18 ක පමණ බුර්කාව තහනම් කර තිබෙනවා.
ඒ අදාළ රටවල ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු වලට විසඳුමක් ලෙසින්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට