Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බුදාම්මෝ.. පැලෝපීය නාළ අතින් අඹරා සිංහල මව්වරු 4000ක් වඳ කළ බවට දිවයින පුවත්පත සාක්ෂි සහිතව වාර්තා කළ “තව්හිඩ් ජමාත් දොස්තරගේ” හිඟ වැටුප සහ අතිකාලත් ගෙවීමට රජය තීරණය කරයි

තියනවා කියූ සාක්ෂි කෝ : රටක් රැවටු බොරු එකින් එක දියවෙයි

ගැබින් මව්රු 4000ක් වඳ භාවයට පත් කළැයි චෝදනා මත සේවයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටි කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය සාෆි සහබ්ඩීන් මහතා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතුව තිබූ වැටුප් දීමනා සහ අතුරු දීමනා සියල්ල ගෙවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (23) දැනුම් දී තිබෙනවා.

මෙම දැනුම් දීම සිදු කරනු ලැබ ඇත්තේ නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා විසිනි.

මෙම කරුණු ඉදිරිපත් වී ඇත්තේ, තමන්ට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ චන්දන කැදැන්ගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන විමර්ශනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා නාරිවේද විශේෂඥ වෛද්‍ය සාෆි සහබ්ඩීන් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සැලකිල්ලට ගත් අවස්ථාවේදීය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සැලකිල්ලට ගනු ලැබිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ චන්දන කැන්දන්ගමුව මහතා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට තිබෙනවා.

2019 වසරේ මැයි මාසයේදී කුරුණෑගල රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය සාෆි සහබ්දීන් මහතාට සිංහල මවුවරුන් හාරදහසක් සිසේරියන් සැත්කම අතරතුර වඳභාවයට පත් කර බවට චෝදනා එල්ල වුණා.

දිවයින පුවත්පත හරහා මෙම චෝදනාව මුලින්ම අනාවරණය කෙරුණු අතර ඔවුන් එම වාර්තාවේ දක්වා තිබුණේ සාක්ෂි සහිතව කරුණු සනාථ වෙයි යනුවෙනි.

පාස්කු ප්‍රහාරය සිදු වී මසකුත් දින දෙකක් ගතවී තිබූ මොහොතක මෙම පුවත හරහා රට තුළ ඇති වූයේ දැඩි ආන්දෝලනයක්.

මෙම සිදුවීම ජාතීන් අතර මහා සැකයක් නිර්මාණය කිරීමට ද හේතු වූ බව නොරහසක්.

About The Author