ආර්ථික අර්බුදය උග්‍ර වීම මත අසංවිධානාත්මක බහුජන විරෝධතාවක් රට පුරා වර්ධනය වෙමින් ඇති බව ඇති බව රාජ්‍ය බුද්ධි අංශය විසින් වාර්තා කර ඇති බව ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තාකර තිබෙනවා.
ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශයක් කිරීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට මෙම පසුබිම ප්‍රධාන වී හේතුවක් වී ඇති බවයි එහි දැක්වෙන්නේ.
ඇතිවෙමින් තිබෙන ජන විරෝධතාවය දේශපාලන පක්ෂ අභිබවා යන බහුජන විරෝධතා ස්වරූපයක් ගනිමින් ඇතැයි ද තවදුරටත් බුද්ධි අංශ විසින් වාර්තා කර ඇති බව එම පුවත් වාර්තාවෙහි සඳහන්.
ජනතාවට සිය මූලික අවශ්‍යතාවය වන ආහාර සම්පාදනය කරගැනීමට බලපෑම් සිදු වීමෙන් දරුණු සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බව ද විශ්ලේෂකයන් සඳහන් කරමින් සිටින බවද පැවසෙනවා.
ජීවන වියදම සමඟ උද්ධමනය ඉහළ යාම එක විට සිදු වන විට ජනතාවට මිලදී හැඟීම් ගැනීමේ හැකියාව පහළ වැටීම නිසා අපේක්ෂා භංගත්වයට පත්වන තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවද පුරෝකතනය කර ඇති බව සඳහන්.
මේ තත්වය තුළ මහජන පීඩනය අසංවිධානාත්මක ලෙස මුදාහැරෙනු ඇති බවයි පැවසෙන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට